𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: May 2026

අනාගත නායකයින් බලගැන්වීමට කොමර්ෂල් බැංකුව සිය 400වන IT විද්‍යාගාරය පිරිනමමින් ‘ComBank අක්ෂර’ දියත් කරයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින් බැංකුව සිය 400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් සමගම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ‘ComBank අක්ෂර’ වැඩසටහන ද…

6 වන තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට

එළඹෙන LPL තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරිත්වය Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan විසින් මෙහෙයවනු ලබන Witness Sports Alliance LLC සමාගම වෙත පැවරෙන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම T20 ක්‍රිකට් තරඟාවලිය වන LPL වෙනුවෙන්  Colombo Kaps කණ්ඩායම සූදානම් වන අවස්ථාවක, මෙම නව…

මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 354 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.63ක් සහ විකුණුම් මිල රු. 354.03ක් ලෙස වාර්තා වී තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව…

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් මැයි 26 දා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය 2026 මැයි 26 වන අඟහරුවාදා දැනුම් දීමට නියමිත බව නිවේදනය කර සිටී. ඒ අනුව පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව…

සංචාරක පැමිණීම 950,000 ඉක්මවයි

2026 මැයි මාසයේ පළමු දින 17 තුළ 75,465ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින්…

රුපියල වාර්තාගත ලෙස පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවා යයි

එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ඉතා වේගවත් වී තිබේ. අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.08 ක් දක්වා සහ විකුණුම් මිල රු. 342.70ක් දක්වා ඒ…

ප්‍රණීත ආහාරපාන සමඟ සොබාදහම එක්තැන් කරන The BLAC නවතම ශාඛාව කොළඹ 03 ප්‍රදේශයේ විවෘත වේ

සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය. The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට…

වනජීවී දෙපාර්තමේන්තුවට යතුරුපැදි 181ක්. වියදම රු. මිලියන 91ක්

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී…

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ විය. මෙම වැඩසටහන වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය (FDSI) සහ රජයේ කර්මාන්ත ශාලා…

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කරන ලදී. පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ…