𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 695ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 508ක (එ.ජ. ඩොලර් මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතී. ඉන්ධන සහ පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා සපුරා ඇත. නව විදේශීය ගෙවීම් හිඟයන් ඇති වීමට ඉඩ නොතැබීම සහ ආනයන සීමා අළුතින් පැනවීම සහ තීව්‍ර නොකිරීම පිළිබඳ අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක සපුරා නොමැත. 2025 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ සියලුම ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සපුරා ඇත. බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත.

මැද පෙරදිග යුද්ධය සහ දිට්වා සුළි කුණාටුවේ පසු බලපෑම් හේතුවෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානමක් පැවතිය ද ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ  දුෂ්කරතා මධ්‍යයේ ළඟාකර ගත් ජයග්‍රහණ හේතුවෙන්, ආර්ථිකයට සහාය වීමට සහ අවදානමට ලක්විය හැකි පිරිස්වලට රැකවරණය සැලසීමට අවශ්‍ය කඩිනම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හැකි වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ