
දශක තුනකට වැඩි කාලයක් පුරා සෙලින් සමූහ ව්‍යාපාරය සිය ව්‍යාපාරික කටයුතු සමඟ බැඳී පවතින ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින් අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇත. 1991 වසරේදී කුඩා අත්යන්ත්‍ර ව්‍යවසායයක් ලෙස ආරම්භ වූ සෙලින්, අද වන විට තිරසාර හා සාධාරණ නිෂ්පාදන, දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරණය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක් පුරා විහිදුණු, සාධාරණ වෙළඳ සහතික ලත් බහුවිධ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම අඛණ්ඩ වර්ධනයට හේතු වූයේ, ව්‍යාපාරයක තිරසාර පැවැත්ම රඳා පවතින්නේ ඒ වටා සිටින ප්‍රජාවගේ දියුණුව මත පමණක්ය යන දිගුකාලීන විශ්වාසයයි. සෙලින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය මෙසේ සිය අදහස් ප්‍රකාශ කළාය. “සෙලින් ගොඩනැඟුණේ එක් සරල දර්ශනයක් මතයි. එනම් ව්‍යාපාරයක් දියුණු වීමට නම් ප්‍රජාව දියුණු විය යුතුයි යන්නයි. නවෝත්පාදනයට, ව්‍යාපාරික විවිධාංගීකරණයට මෙන්ම අර්ථවත් සමාජ බලපෑමක් සහ තිරසාර වර්ධනයක් සඳහා නව අවස්ථා හඳුනා ගැනීමට අපට නිරන්තරයෙන් මඟ පෙන්වූයේ මෙම චින්තනයයි. අද වන විට කාන්තා ගෞරවය, තිරසාරභාවය සහ දිගුකාලීන සමාජීය වැදගත්කම කේන්ද්‍ර කරගත් පුළුල් වැඩපිළිවෙළක කොටසක් බවට පත්ව ඇති #BleedGood මුලපිරීම බිහිවීමට හේතු වූයේ ද මෙම දර්ශනයමයි.”


කොවිඩ්-19 වසංගත සමයේදී, සිය ව්‍යාපාරික ජාලය සමඟ සම්බන්ධ වී සිටින ප්‍රජාවන් තුළ ඔසප් සනීපාරක්ෂක පහසුකම් හිඟකම සහ සෞඛ්‍යමය අවදානම් ඉහළ යමින් පවතින බව සෙලින් ආයතනය හඳුනා ගත්තේය. මුලින් සමාජීය අභියෝගයක් ලෙස මතු වූ මෙම ගැටලුව මඟින් ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය, ඒ වටා ඇති සමාජයීය මතවාද, නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව, තිරසාරභාවය සහ දිගුකාලීන ආකල්පමය වෙනස්කම්වල පවතින විශාල අඩුපාඩු රාශියක් නිරාවරණය විය.
මෙම ගැටලුව සඳහා හුදු කෙටිකාලීන ද්‍රව්‍යමය ආධාර සැපයීමට පමණක් සීමා නොවී, සෙලින් ආයතනය සතු නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනුම, පළපුරුද්ද, ප්‍රජා ජාලයන් සහ නිෂ්පාදන හැකියාවන් භාවිත කරමින් නැවත භාවිත කළ හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන නිපදවීමට ඔවුහු පියවර ගත්හ. කෙසේ වෙතත්, කාන්තාවන්, ගුරුවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ප්‍රජා කොටස්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේදී ඔවුන්ට වැටහී ගියේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් දිගුකාලීන වෙනසක් ඇති කළ නොහැකි බවයි. මෙම අවබෝධය, පසුව #BleedGood ව්‍යාපෘතිය දක්වා පරිණාමය වීමට මූලික පදනම විය. අද වන විට එය කාන්තා අභිමානය සහ යහපැවැත්ම උදෙසා ක්‍රියාත්මක වන සෙලින් පදනමේ උපායමාර්ගික සහයෝගීතා වේදිකාවක් ලෙස ස්ථානගත කර ඇත.

පසුගිය වසර පහ තුළ, #BleedGood ව්‍යාපෘතිය දිගුකාලීන ක්‍රමවේදයක් ඔස්සේ සනීපාරක්ෂක අධ්‍යාපනය, ආකල්පමය වෙනස්කම්, සමාජයීය මඟ පෙන්වීම්, හවුල්කාරිත්වයන් සහ තිරසාර නිෂ්පාදන ලබාගැනීමේ පහසුව එකට එක් කරන පුළුල් වැඩපිළිවෙළක් දක්වා වර්ධනය වී තිබේ. විවිධ ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන, මානුෂීය ආයතන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, තරුණ සංවිධාන සහ අනෙකුත් සංවර්ධන ක්‍රියාකාරීන් සමඟ අත්වැල් බැඳගනිමින්, විවිධ ප්‍රජාවන් තුළ මේ පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට මෙන්ම ගෞරවනීය සහ තිරසාර ඔසප් සනීපාරක්ෂක පුරුදු ඇති කිරීමට මෙම වැඩසටහන අඛණ්ඩව කටයුතු කරයි.
සෙලින් ආයතනයේ තිරසාර ඔසප් සනීපාරක්ෂක සන්නාමය වන FemmeCare බිහිවූයේ ද මෙම වැඩසටහන තුළිනි. පාරිභෝගිකයන් සහ ආයතනික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, අඛණ්ඩ පර්යේෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් භාවිත කරමින් FemmeCare නිෂ්පාදනවල ගුණාත්මකභාවය, භාවිත කිරීමේ පහසුව, සුවපහසුව මෙන්ම පරිසර හිතකාමී බව ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කර ඇත.
අද වන විට මෙම වැඩපිළිවෙළ හුදු නිෂ්පාදන සැපයීමෙන් ඔබ්බට ගොස්, ප්‍රමිතිකරණ ක්‍රියාවලීන්, රැකියා ස්ථානය තුළ කාන්තාවන්ට හිතකර සේවා පරිසරයක් නිර්මාණය කිරීම, සමාජයීය දැනුවත් කිරීම් සහ ගෝලීය සහයෝගීතාවයන් දක්වා විහිදී තිබේ. නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ වගකීම් සහගත වර්ධනයක් වෙනුවෙන් පෙනී සිටින ගෝලීය සංවිධානයක් වන Reusable Menstrual Product Manufacturers Alliance (RMPMA) හි නිර්මාතෘවරයෙකු ලෙස FemmeCare කටයුතු කරයි. එමෙන්ම, සෙලින් පදනම ‘Period Positive Workplace (PPW)’ ජාත්‍යන්තර සහතිකකරණ වැඩසටහනේ ශ්‍රී ලාංකීය හවුල්කරු ලෙස ක්‍රියා කරයි. මීට අමතරව, නැවත භාවිත කළ හැකි නිෂ්පාදන සඳහා වන ජාතික ප්‍රමිතීන් සැකසීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සමඟ ද, ගෝලීය ප්‍රමිතීන් සැකසීමේ නිරත වන ISO තාක්ෂණික කමිටු 338 සමඟ ද FemmeCare සක්‍රීයව කටයුතු කරයි.
පසුගිය වසර පහ තුළ, මෙම පුළුල් වැඩපිළිවෙළ හරහා පරිසරයට එකතු වීමට තිබූ ඔසප් සනීපාරක්ෂක අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21,600කට ආසන්න ප්‍රමාණයක් වළක්වා ගැනීමටත්, නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන 16,000කට වඩා බෙදා හැරීමටත් හැකි වී ඇත. එමෙන්ම, සෞඛ්‍ය අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් කාන්තාවන් සහ තරුණ දියණියන් 9,500කට අධික පිරිසක් දැනුවත් කිරීමට ද මේ හරහා අවස්ථාව ලැබුණි. වඩාත්ම වැදගත් කරුණ නම්, තිරසාරභාවය, ප්‍රජා දායකත්වය, හවුල්කාරිත්වය සහ නවෝත්පාදනය එකම දිගුකාලීන රාමුවක් තුළ සම්බන්ධ කරන ආදර්ශමත් ව්‍යාපාරික ක්‍රමවේදයක් ගොඩනැඟීමට මෙම මුලපිරීම සමත් වීමයි. ප්‍රජාවන්, ව්‍යාපාරික ආයතන, අධ්‍යාපන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අතර ඇති සහයෝගීතාවය තුළින් දිගුකාලීන සමාජීය බලපෑම මෙන්ම ආයතනික ශක්තිමත්භාවය ද තහවුරු කරගත හැක්කේ කෙසේද යන්න මෙමඟින් මැනවින් ඔප්පු කර පෙන්වයි.
සෙලින් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන නිලධාරිනී සෙලිනා පීරිස් මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “තිරසාර වර්ධනයේ අනාගතය රැඳී තිබෙන්නේ ප්‍රජාව, සහයෝගීතාවය, නවෝත්පාදනය සහ වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් එකට එක්ව දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන පුළුල් සහයෝගීතා ජාලයන් ගොඩනැඟීම මතයි. කාන්තා අභිමානය, තිරසාරභාවය සහ ව්‍යාපාරික නවෝත්පාදනයන් යනු එකිනෙකින් වෙන්ව පැවතිය යුතු කරුණු නොවන බව #BleedGood හරහා අප පෙන්වා දී තිබෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් දිගුකාලීනව එක්ව කටයුතු කරන විට එමඟින් එකිනෙකා තවදුරටත් ශක්තිමත් කරනු ලබනවා.”
#BleedGood සිය පස්වැනි වසර සනිටුහන් කරන මේ මොහොතේ, එය සාම්ප්‍රදායික දැනුවත් කිරීමේ වැඩසටහනකින් ඔබ්බට ගොස්, තිරසාර ඔසප් සනීපාරක්ෂාව සහ දිගුකාලීන ආකල්පමය වෙනස්කම් සඳහා මඟ පාදන පුළුල් වේදිකාවක් ලෙස අඛණ්ඩව ඉදිරියට යයි. එමඟින් කාන්තාවන් සහ සමස්ත ප්‍රජාවන් වෙනුවෙන් වඩාත් සාධාරණ, දැනුවත් සහ ශක්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට එය ඉමහත් දායකත්වයක් සපයයි.
– අවසානයි –
සෙලින් සමූහ ව්‍යාපාරය පිළිබඳව
1991 වසරේදී ආරම්භ කරන ලද සෙලින් සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ ඇති එකම ‘සාධාරණ වෙළඳ’ සහතික ලත් අත්කම් නිර්මාණ සමාගමයි. කුඩා අත්යන්ත්‍ර ව්‍යවසායයකින් ඇරඹි එය, අද වන විට වගකීම් සහගත නිෂ්පාදන, තිරසාර නිෂ්පාදන නවෝත්පාදනයන්, සිල්ලර වෙළඳාම, අපනයනය සහ ප්‍රජා සංවර්ධනය යන ක්ෂේත්‍ර පුරා විහිදුණු සාර්ථක සමාජීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. සෙලින් පදනම, #BleedGood සහ FemmeCare හරහා, තිරසාරභාවය, නවෝත්පාදනය සහ දිගුකාලීන සමාජීය බලපෑම එකට මුසු කරන ආදර්ශමත් ව්‍යාපාරික ක්‍රමවේදයන් ගොඩනැඟීමට සෙලින් ආයතනය අඛණ්ඩව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.




