𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සංචාරක පැමිණීම මිලියනයට ආසන්න වෙයි

2026 වසරේ මේ දක්වා මෙරට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 990,032ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මැයි මාසයේ පළමු දින 24 තුළ පමණක් 113,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

එම කාල සීමාව තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ යම් වර්ධනයක් යළි දක්නට ලැබෙන අතර මැයි මාසයේ පළමු දින 24 තුළ 7,310ක ඉහළම සංචාරක පැමිණීම මැයි 23 වන දින වාර්තා වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ