𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: October 2026

Sinhala

පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ….

‘එල් නිනෝ’දේශගුණික තත්ත්වයට සූදානම් කිරීමට කොමර්ෂල් බැංකුව කෘෂි ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් ඒකරාශී කරයි

2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස…

චීන සංචාරකයින්ගේ 10%ක වැඩිවීමක්. 2026 සංචාරක පැමිණීම දාහත්ලක්ෂ පනස්දහස ඉක්මවයි

සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 2026 ඔක්තෝබර් 11 දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,751,019ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබරයේ මුල් දින 11…

දේශීය ඩොලර් බැඳුම්කර නිකුතුවකට මුදල් අමාත්‍යාංශය සැරසෙයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණ්‍ය කළමනාකරණ කාර්යාලය විසින් දේශීය ඩොලර් බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. වසර 1,2 සහ 3 යනාදී ලෙසින් පරිණත කාල තුනක් යටතේ මෙම නිකුතුව සිදුකිරීමට නියමිත අතර එහිදී ඩොලර් මිලියන 100ක් සම්පාදනය කර…

Sinhala

බ්‍රිතාන්‍යයේ AI BOARD සමඟ අත්වැල් බැඳගත් ESOFT, AI අධ්‍යාපනය ගමට රැගෙන යාමට සූදානම්!

ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්‍යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට…

මෙවර ආර්ථික සමුළුව හරහා ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේ සැලැස්මක්

ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) දිනයේ දීද කොළඹ දී පැවැත්වේ. ඊයේ සන්ධ්‍යාවේ පැවති ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 සමාරම්භක අවස්ථාවේ පිළිගැනීමේ කතාව සිදුකරමින් ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්…

“අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න” – ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

මේ වන විට රට තුළ ව්‍යාපාරකරණය සඳහා අවශ්‍ය විනිවිදභාවය, ආයෝජන සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතලපහසුකම් සංවර්ධනය රජය විසින් ඉටු කර ඇති බවත්, රජය රජයේ වැඩ කොටස කරන බවත්, ආයෝජකයින් ඔවුන්ගේ වැඩ කොටස සිදුකරන ලෙස ඉල්ලා…

රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය ඩොලර් බිලියනයක දේශීය අගය එකතු කිරීමේ ඉලක්කයකට අවධානය යොමු කරයි

රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටු සමාජිකයින් ලෙස නොයොන් ලංකා පුද්ගලික සමාගමේ හුස්නි සලේ මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස යලිත් වරක් පත් කර ගන්නා ලදි. මෙම පත් කිරීම පසුගිය 25වන දින හිල්ටන් හෝටලයේදී…

Sinhala

ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties එක් වී ජාතික ළමා දිනය වෙනුවෙන් කොළඹදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්‍රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්‍රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි….

Sinhala

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ කටාර් රාජ්‍යය යන රාජ්‍යන්හි ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට කොළඹ වරාය නගරය සමත් වෙයි

කොළඹ වරාය නගරය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී ආයෝජක හමුවක් 2026 සැප්තැම්බර් 25 වන දින අබුඩාබි හි The St. Regis හෝටලයේ දී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ආයතනික පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේ දී,…