𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොටස් වෙළෙඳපොළ ඒකක 209කින් පහළට

මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් ඊයේ(22) දිනයේ දී වාර්තා විය.

ඊයේ දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 209.38ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 19,717.92ක් ලෙසින් සටහන්ව තිබුණි.

දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 38.43කින් පහළ ගොස් ඒකක 5,618.48ක් ලෙසින් දැක්වුණි.

ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.10ක් ලෙසින් වාර්තා වී තිබේ.

මෙම සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අඛණ්ඩ පහළ යාමක් වාර්තා වී තිබෙන අතර එහිදී,

ඔකතෝබර් 19 සඳුදා – ඒකක 125.63කින්

ඔක්තෝබර් 20 අඟහරුවාදා – ඒකක 75.64කින්

ඔක්තෝබර් 21 බදාදා – ඒකක 56.48ක් සහ

ඊයේ (22) දිනයේ දී ඒකක 209.38ක් ලෙසින්,

මෙම සතියේ ඒකක 467.13ක පහළ යාමක් මේ දක්වා වාර්තා වී ඇත.

එමෙන්ම සතිය ආරම්භයේ දී රු. බිලියන 7,293.27 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අද (22) දින ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 7,123.23 ක් දක්වා අඩු වී ඇත.

එනම් මෙම සතිය තුළ දී පමණක් රු. බිලියන 170.04ක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.

අද දෙරණ