𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Le Grand Galle හෝටලය 5 වසරක ගමන්මඟ අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

ජපානයේ Belluna සමාගමට අයත් Le Grand Galle සුඛෝපභෝගී හෝටලය, සිය 5 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. සවස් යාමයේ ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද දැක බලා ගැනීමට හැකිවීම සහ පාරිභෝගිකයින් සඳහා ලබාදෙන විශිෂ්ට සේවාව හේතුවෙන් මෙය ඉතා ජනප්‍රියත්වයක් උසුලයි.

Le Grand Galle මෙවැනි සාර්ථකත්වයක් ලඟා කරගැනීම වෙනුවෙන් කළ අසීමිත කැපවීම සඳහා මෙම සංවත්සර සැමරුම අගනා සාක්ෂියක් වූ අතර එය ප්‍රීතිය, කෘතඥතාව සහ සැමරුම්වලින් පිරුණු මනරම් සන්ධ්‍යාවක් විය. මෙම අවස්ථාව සඳහා සංචාරක කර්මාන්තයේ සහ ආයතනික අංශයේ සම්භාවනීය අමුත්තන් මෙන්ම හවුල්කරුවන් සහ සේවා සපයන්නන් ද සහභාගී වූයේ ගාල්ලේ සුඛෝපභෝගී නවාතැන් සහ උත්සව සඳහා ජනප්‍රියතම හෝටලය මෙය බව සනාථ කරමිනි. 

Le Grand Galle, විවිධ අභියෝග සහ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් 2018 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වසර 5ක් සිය මෙහෙයුම් කටයුතු සිදු කරයි. ලෙන්ගතු ආගන්තුක සත්කාර ලබා දීම වෙනුවෙන් වූ නොසැලෙන කැපවීම නිසා හෝටලය තවදුරටත් ශක්තිමත්ව පවතී.

Le Grand Galle සිය පාරිභෝගිකයින්ට අමතක නොවන ගමනාන්තයක් බවට පත්වෙමින් සුඛෝපභෝගී පහසුකම් සහ සේවාවන් රාශියක් පිරිනමයි. ආගන්තුකයින්ට, ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද ඇතුළු තවත් දෑ විඳිමින් වර්ග මීටර් 45 ක ඩිලක්ස් කාමරවල සිට වර්ග මීටර් 100 ඉක්මවූ අති සුඛෝපභෝගී කාමරවල තම විවේකය සුවදායක ලෙස ගතකළ හැක. තවද මෙය විචිත්‍රවත් ජලනල තටාක 5 කින් සහ සුඛෝපභෝගී ජැකුසි කට්ටල 2 කින් සමන්විත වේ.

මීට අමතරව, Le Grand Galle සතුව සුවිශේෂී අවන්හල් තුනක් ඇති අතර, ඒවා එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් ආහාරපාන වලින් සමන්විත වේ. ඒවා අතරින් බ්ලූ, මුහුදු ආහාර සඳහා සුවිශේෂී වූ රාත්‍රී ආහාර වේල පිරිනමන අවන්හලයි. ඩිප් නමින් හඳුන්වන අවන්හල, පිහිනුම් තටාක අසලින් පිහිටා ඇති අතර දිවා කාලය සඳහා ප්‍රබෝධමත් පාන වර්ග සහ සැහැල්ලු ආහාර ලබාදෙයි. සියලුම අමුත්තන් සඳහා ප්‍රියජනක භෝජන අත්දැකීමක් ලබාදීමට විවිධ සූපශාස්ත්‍ර අනුගමනය කරමින්, පුළුල් පරාසයක ආහාර මෙනුවක් දවස පුරා ලබාදෙන අවන්හල ටේස්ට් නමින් හඳුන්වයි. 

Le Grand Galle හි සාමාන්‍යාධිකාරී ලහිරු ද සිල්වා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සිය කෘතඥතාව සහ ප්‍රීතිය ප්‍රකාශ කළේ, “අපේ සාර්ථකත්වයේ 5 වන වසර මෙලෙස සැමරීමට ලැබීම අපට නිහතමානී ගෞරවයක්. අපගේ වටිනා අමුත්තන්ගේ සහ ගෞරවනීය හවුල්කරුවන්ගේ අද්විතීය සහයෝගය මෙම සන්ධිස්ථානයට අපට ලඟා වීමට මහඟු පිටුවහලක් වුණා. ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතිත්වය අපගේ වර්ධනයට සහ සාර්ථකත්වයට ඉමහත් ශක්තියක්. තවත් වසර ගණනාවක් ආගන්තුකයින් පිළිගැනීමටත් ඔවුන් වෙනුවෙන් සුවිශේෂී සේවා අත්දැකීම් ලබා දීමටත් අපි කැපවී සිටිමු.”

Le Grand Galle Hotel, විචක්ෂණශීලී සංචාරකයින්ගේ ජනප්‍රියතම තේරීම වන අතර අති සුඛෝපභෝගී පහසුකම්, විශිෂ්ට සේවාවක් සහ සිත් ඇදගන්නාසුළු වටපිටාවක් තිලිණ කරයි. සිය පස්වන සංවත්සරය සමරමින් පැමිණසිටි අමුත්තන්ට අමතක නොවන අත්දැකීම් සම්භාරයක් ලබාදීමට හෝටලය කටයුතු කළේය.

ලෙව පුරා සිටින සංචරකයින්ගේ ජනප්‍රියතම තේරීම වන Le Grand Galle හි ඔබේ මීළඟ නිවාඩුව, www.legrandgalle.lk ඔස්සේ වෙන්කරවාගෙන සංවත්සර අලෙවියෙන් 20%ක වට්ටමක් සහ සුඛෝපභෝගී සහ ආගන්තුක සත්කාරය අත්විඳින්න.

Le Grand, Arab Travel Mart සහ අනෙකුත් සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගී වූ අතර නොවැම්බර් මාසයේදී World Travel Mart සඳහාද සහභාගී වීමට සැලසුම් කර ඇත. සංචාරක මණ්ඩලයට තම අඛණ්ඩ සහයෝගය ලබා දීමට හෝටලය අපේක්ෂා කරයි. Le Grand හට 2019 වසරේ සිට Trip Advisor Travelers Choice යන සම්මානයද හිමිවී ඇත.

Granbell Hotel Colombo යනු Le Grand හි සහෝදර හෝටලය වන අතර එහි 1 වන සංවත්සරය මැයි මාසයේදී සමරනු ලැබීය. මෙම හෝටලය කාමර 292 කින් සමන්විත වන අතර වෙරළබඩ වටපිටාව සහ නාගරික පරිසරය විඳීමින් විනෝද වීමට කැමති සංචාරකයින් හට කදිම ස්ථානයක් යැයි කිව හැකිය.