𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක්  දියත් කරනු ලැබුවා. දින 60ක් පුරාවට මෙරට තරුණ තරුණියන්ගේ අනාගත රැකියා අවකාශය වෙනුවෙන් නිපුණතා සංවර්ධනය කරගැනීම සඳහා උපාධි අපේක්ෂකයින් යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ ලෙස සැළකිය හැකිය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් සමාරම්භක උත්සවය ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ දී (APIIT) සිදුකෙරුණු අතර යුනිලිවර් ශ්‍රී ලංකා කළමනාකරණ කමිටු සමාජික ගයාන් රූපසිංහ විසින් මෙහෙයවන ලද #Kathabaha වැඩසටහන හරහා නායකත්වයේ නිරතවීමේ හැකියාවන් පිළිබඳව මෙන්ම සිය අදහස් හුවමාරු කරගැනීමට ද උපාධි අපේක්ෂකයන්ට සුවිශේෂි අවස්ථාවක් හිමිවිය. ගයාන් රූපසිංහ විසින් සිය වෘත්තීය ගමන්මඟේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ හුවමාරු කරගත් අතර ඒ හරහා සුවිශේෂි අවබෝධයක් හා අගනා දැනුමක් ලබාදෙන ලදී. තවද, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ඉගෙනුම් හා මානව සම්පත් උපාය මාර්ග අංශයේ ප්‍රධානී අංජලී ජයතුංග විසින් මෙහෙයවන ලද “Discovering your Purpose” දැනුවත්කිරීමේ සැසියක් ද මෙහිදී පවත්වන ලදී. අංජලී ජයතුංගගේ මාර්ගෝපදේශනය යටතේ සිය අරමුණ  නිවැරදිව හඳුනාගැනීමට හා තම අරමුණ වඩා ශක්තිමත් අරමුණක් හා සම්බන්ධ කිරීමට සිසුන්ට අවශ්‍ය දැනුම බෙදාදෙන ලදී.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙම මුලපිරීම සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය.” 2025 වනවිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂයකගේ කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ඉදිරි දින 60 තුළ, අනාගත රැකියා ස්ථාන අවකාශය තුළ සිය විශිෂ්ටත්වය මතුකිරීමට උපාධිධාරීන්ගේ කුසලතාවලින් සන්නද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුකරමින්, දිගුගමනක් නිර්මාණය වනු ඇත.  මෙම මුලපිරීම හරහා අනාගත නායකයින් ගොඬනැගීම අපේක්ෂා කරනු ලබනවා. අපගේ පළමු “ Unilever Around Sri Lanka in 60 Days” වැඩසටහන ලෙස APIIT හි උපාධිධාරීන් කුසලතාවයෙන් සන්නද්ධ කිරීමේ වෙනුවෙන් ලද ධනාත්මක ප්‍රතිචාර ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා.  ජාතියේ තාරුණ්‍යට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමඟ සහයෝගයට සහ හවුල්කාරීත්වයට එක් වූ APIIT කණ්ඩායම වෙනුවෙන් ප්‍රණාමය පුදකර සිටිනවා.

APIIT ව්‍යාපාරික පාසල හා පදනම් වැඩසටහන් ප්‍රධානී ආචාර්ය හසුලි පෙරේරා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. APIIT සමඟ එක්ව “Unilever Around Sri Lanka in 60 Days” උපාධිධාරීන් දැනුමෙන් බලගැන්වීම අරමුණු කරගත් මෙම වැඩසටහන අපගේ සිසුන් වෙනුවෙන් වෘත්තීය අවබෝධයක් පමණක් නොව ඔවුන්ට අගනා අවස්ථාවක් ලබාදෙන ලදී. තමා විසින් තමා හඳුනාගැනීමේ ගමන තුළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන , සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා පිළිබඳව අර්ථවත් සාකච්ඡාවල යෙදීම සහ ඔවුන්ගේ වෘත්තීය ජිවිතය නිර්මාණය කරගැනීමට නිශ්චිත වේදිකාවක් සපයා ඇත.  මෙම වැඩසටහන අතීශයෙන් සාර්ථක වූ අතර අපගේ සිසුන් දිරීගැන්වීම, දැනුවත්කිරීම හා සවිබලගැන්වීම වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිනවා.’’

“Unilever Around Sri Lanka in 60 Days” වැඩසටහන හරහා සෑම විශ්ව විද්‍යාලයකම උපාධි අපේක්ෂකයන් හට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාරික ප්‍රමුඛයින් සමඟ සමීපව සම්බන්ධවීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් ඔවුන් අනාගත රැකියා වෙළඳපල සඳහා දැනුමෙන් හා හැකියාවන් සන්නද්ධ කරනු ලබයි. එසේම, ආයතනික ලෝකයට සාර්ථකව පිවිසෙන ආකාරය සහ සිය වෘත්තීය ජිවිතය සාර්ථකව ගොඬනඟාගන්නේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වීම සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් වල නිරතවීමේ අවස්ථාව ද හිමිවනු ඇත. “Unilever Around Sri Lanka in 60 Days” වැඩසටහන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ හැකියාවන් පෝෂණ කරමින් ඔවුන්ගේ දක්ෂතාවන්, ආශාවන් දිරිගැන්වමින් අනාගත රැකියා ලෝකය වෙත සාර්ථකත්ව කැඳවාගෙන යෑමේ පෙරගමන්කරු ලෙස සැළකිය හැකිය.