𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

වෘත්තිය සංවර්ධන හා ගුණාත්මක අධ්‍යාපනයේ පෙරගමන්කරු ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පවත්වයි

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පවත්වන ලදී. ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් උදෙසා වෘත්තිමය මාර්ගෝපදේශනය සපයනු ලබන මෙම ආයතනය හරහා සහතිකපත්‍ර, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සාර්ථකව අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 350 ක් පමණ මෙහිදී ඇගැයීමට ලක්විය.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් ප්‍රායෝගික අධ්‍යාපනයේ අවශ්‍යතාව හා වැදගත්කම මෙම වැඩසටහන තුළ මැනවින් සනිටුහන් කරන ලදී. එසේම සමස්ත පාඨමාලාවන් පුරාවට සිසුන් තුළ පැවැති සුවිශේෂි කැපවීම හා නොපසුබට උත්සාහය ද එහි අවසන් ප්‍රතිථලය වු ඔවුන්ගේ ජයග්‍රහණය ද මෙහිදී ඇගැයීමට පාත්‍රවිය. විශිෂ්ට අධ්‍යාපනික ක්‍රමවේදයන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඉදිරි අනාගතය වෙනුවෙන් සාර්ථක උපාධිධාරීන් බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය නිරත වනු ලබයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණ බවට පත්වුයේ ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ අනාගත හා වර්තමාන අවස්ථාවන් පිළිබඳව දැනුවත්කිරීමයි. වර්තමානය වනවිට කර්මාන්තය තුළ වර්ධනය වන තාක්ෂණික භාවිතය, නවෝත්පාදන පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. මෙමඟින් වෙනස්කම් සහිතව ඉදිරියට ගමන් කරන මෙම ක්ෂේත්‍රයේ පවතින අවස්ථා හා ශක්තීන් අවබෝධ කරගැනීමට වෘත්තිකයින් තුළ පෙළඹවීමක් ඇතිකිරීම මෙම ආයතනයේ මූලික අරමුණයි.

මෙම අවස්ථාව පිළිබඳව ප්ලාස්ටික් හා රබර් ආයතනයේ සභාපති කල්‍යාණ ධීරසේකර මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”අද දින උපාධි ලබාගන්නා සියලුම සිසුන් වෙත මාගේ උණුසුම් සුභපැතුම් එකතු කරනවා. ඔවුන්ගේ කැපවීම හා මහන්සිය මෙම ජයග්‍රහණයේ ප්‍රතිථලයයි. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා රබර් කර්මාන්තය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ඔවුන් විසින් ලබාදෙනු ඇතැයි අපි විස්වාස කරනවා. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය යනු උනන්දුව හා කැපවීමක් ඇති ඕනෑම අයෙකුට සුදුසු ගුණාත්මක පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් අන්තර්ගතයක් විදියට සලකන්න පුළුවන්.’’

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී ආදි ශිෂ්‍යයන් විසින් සිය අත්දැකීම් හා සාර්ථකත්වයට හේතු පැහැදිලි කරන ලද අතර එහිදී මෙම පාඨමාලාවන් තුළ ඇති හරවත් බව ශිෂ්‍යයන් සමඟ බෙදාගන්නා ලදී.

අනෙකුත් අධ්‍යාපන ආයතන වලට සාපේක්ෂව මෙහි ඇති සුවිශේෂි වෙනස්කම් වනුයේ කර්මාන්තය පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් යොමුකිරීම සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් වලට අමතරව රටට වටිනා විදේශීය විනිමය රැගෙනඒම වෙනුවෙන් අවශ්‍ය ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම කෙරෙහි ද ප්ලාස්ටික් හා රබර් ආයතනයේ අවධානය යොමු වී තිබේ. එමඟින් මෙරට ආර්ථිකය සවිමත්කිරීම ඔවුන්ගේ අරමුණයි.

අනාගත අවශ්‍යතා හඳුනාගනිමින් වෘත්තිමය කර්මාන්තයක් ලෙස ප්ලාස්ටික් හා රබර් කර්මාන්තය ස්ථාපනය කිරීමත්, දැනුම හා පුහුණුව පදනම්කරගත් විශේෂ වැඩසටහන් හරහා මෙරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිසුන් දිරිගැන්වීම ඔවුන්ගේ මුලික අරමුණයි. මෙබඳු වැඩසටහන් හරහා තාරුණ්‍යයේ මනස වඩාත් ප්‍රබෝධමත් හා ගවේෂණාත්මක පරිසරයකට යොමුකිරීමේ පුරෝගාමී මෙහෙවරක ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය නිරත වනු ලබයි.

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයෙහි නවතම අධ්‍යන වැඩසටහන් හා තොරතුරු ලබාගැනීම සඳහා www.prisrilanka.com වෙබ් අඩවියට හෝ +94112864354 දුරකථන අංකය අමතන්න.