𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සංචාරක පැමිණීම මිලියනයට ආසන්න වෙයි

2026 වසරේ මේ දක්වා මෙරට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 990,032ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මැයි මාසයේ පළමු දින 24 තුළ පමණක් 113,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ…

ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතියට බ්‍රසීලයේ සහාය

වර්තමානයේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත. දේශීය උක් ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා සහ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීමේ අවශ්‍යතාවය…

මල්ටි ඕඩියෝ විෂුවල් ආයතනය මඟින් සංවිධානය කළ ‘Allen & Heath’ ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහන සාර්ථකව නිමා වේ

ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ…

ජාතික පෝෂණය ශක්තිමත් කිරීමට පැල්වත්ත සමාගමෙන් රුපියල් බිලියන 1.86ක දැවැන්ත ආයෝජනයක්

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල  කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර  ආරම්භ කරන ලදී….

ස්වදේශී කොහොඹ බේබි සබන් වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS සහතිකය පිරිනමයි

SLS 547 යනු ළදරුවන් සඳහාම විශේෂයෙන් නිපදවන සබන් වර්ගවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනිවාර්ය අවශ්‍යතා රැසක් පනවා ඇති බේබි සබන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති නිර්ණායකයයි. මෙම SLS 547 ප්‍රමිතිය මඟින් බේබි සබන් වර්ග දරුවාගේ සමට ආරක්ෂිත, ආසාදනයන්ගෙන් තොර,…

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 7.75%ක් ලෙස…

ඩයලොග් ආසියාටා ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම බවට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී ඊයේ (25) පත්විය. ඒ මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් අභිබවා යමිනි. ඊයේ (25) දිනයේ දී…

රජිත කුක්  Global CEO ‘45 Under 45 – Leadership Excellence Platinum Award 2025’ සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ පළිබෝධ පාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තීයවේදියකු වන රජිත කුක් ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය විසින් පිරි නමන “Global CEO ‘45 Under 45 – Leadership Excellence Platinum Award 2025” ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන…

කොමර්ෂල් බැංකුව කොළඹ වරාය නගරයේ ශාඛා ස්ථාපිත කරන ප්‍රථම බැංකු අතරට

මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්,…

Evolution Auto සහ EVO Charge එක්ව  60kW Dual-Gun විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථානයක් පෑලියගොඩ දී ස්ථාපිත කරයි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනය වැඩි දියුණු කිරීම සඳහා තම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, Evolution Auto සමාගම EVO Charge සමඟ එක්ව පෑලියගොඩ පිහිටි Evolution Auto අලෙවියෙන් පසු සේවා සංකීර්ණයේ දී,   වාහන දෙකක් එකවර වේගයෙන් ආරෝපණය කළ හැකි, ඉහළ වේගයකින් (60kW…