අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වෙයි
දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා – තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට
පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26ක් පැවැත්වීමට නියමිතව තිබේ.
2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වේ.
අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ . ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 20 සහ දෙසැම්බර් 14 යන දෙදින හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.
අද දෙරණ





