ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර අති දැවැන්තම නිවාස ව්‍යාපෘති දියත් කිරීමේ උළෙල සමඟින් Home Lands සමූහය ‘Central Park Boulevard Port City Colombo’ නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන…
සමාගම් 105ක් එක්වී ඩොලර් මිලියන 86ක් රටින් පිට කරලා
දේශීය සමාගම් එකසියපහක් ඒකාබද්ධ වී භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනින් රටින් පිට කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) අනාවරණය කළේය. බැංකු 12 කට අධික…
බොරතෙල් මිල ඉහළට
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද උදෑසන 6.40 වන විට, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වර්ධනයකි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක…
අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමට දුන් කාලය මාසයකට සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්හට සිය අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඒවා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා දී තිබූ කාලය සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔ්නෑම මසක් තුළ, අපනයන…
මෙරට කර්මාන්ත පවත්වාගෙන යන ජපාන ආයෝජකයින්ට ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන දක්වන සහයෝගය ඉතා ඉහළයි – JCCI-SL හි සභාපති කිෂි ටකාෂි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ජපාන ආයෝජකයින්ට මෙරට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබා දෙන සහයෝගය සහ සේවාව ඉහළින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) සභාපති කිෂි ටකාෂි (Mr. Kishi Takashi)…
මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත…
ඩොලරය අද යළි නගී
ශ්‍රී ලංකා රුපියල ඊයේ (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළුවශයෙන් ශක්තිමත් වන ස්වභාවයක් පෙන්නුම් කළද, අද (09) වන විට යළිත් වතාවක් එහි අවප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතිකය සටහනට අනුව අද දිනයේ දී එක්සත්…
ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා SLITHM සහ CACTA අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), 2026 ජූනි 08 වන දින චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම සංස්කෘතික හා…
විධායක විශිෂ්ටත්වය සහ නායකත්වය සමරමින් Evolution Auto, XPENG සහ AVATR සමඟ 45 Under 45 CEO සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය සපයයි.
ශ්‍රී ලංකාවේ XPENG සහ AVATR මෝටර් රථ සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto, කීර්තිමත් ‘45 Under 45 CEO Awards 2026’ සම්මාන උළෙල සමඟ අත්වැල් බැඳ ගනිමින්, ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ ගමනාගමන විසඳුම් ඔස්සේ නායකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම සඳහා…
ශ්‍රී ලංකාවේ දකුණු කරයේ දශකයක සාර්ථක ගමනක් සනිටුහන් කරමින් Shangri-La Hambantota 10 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි. 2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම…










