𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙමින් ඉන්දීය සංචාරකයින්ගේ උත්සව සමයේ සංචාරක නැඹුරුව ඉහළට

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල එළඹෙන දුසේරා, දුර්ගා පූජා සහ දීපාවලි වැනි උත්සව සමයේදී, ඉන්දීය සංචාරකයින් සාම්ප්‍රදායික නිවාඩු රටාවෙන් ඔබ්බට ගොස් සංස්කෘතික හා විනෝදාත්මක අත්දැකීම් සොයා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. Agoda ඩිජිටල් සංචාරක වේදිකාවේ සෙවුම් දත්ත වලට අනුව, මෙවර ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ සෙවුම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 262% කින් පමණ ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය (55%), වියට්නාමය (86%), ජපානය (125%) සහ හොංකොං (138%) යන ආසියානු රටවල් සඳහාද ඉන්දීය සංචාරකයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත. සංස්කෘතික, සූපවේදී සහ විවේකී අත්දැකීම් ලබාගැනීමට ඇති කැමැත්ත මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ජාත්‍යන්තර නගර මට්ටමින් බැංකොක්, ෆුකෙට් සහ ටෝකියෝ සෙවුම් අතර ඉදිරියෙන්ම පවතී.

Agoda හි ඉන්දීය උපමහද්වීප සහ ඉන්දියන් සාගර දූපත් පිළිබඳ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ගෞරව් මලික් (Gaurav Malik) සඳහන් කරන්නේ, සංචාරකයින් තම උත්සව නිවාඩුව සැලසුම් කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් මිදී තමන්ට ලබාගැනීමට අවශ්‍ය විවිධාංගීකරණය වූ අත්දැකීම් පදනම් කරගනිමින් ගමනාන්ත තෝරා ගැනීමට යොමුවී ඇති බවයි.

අද දෙරණ