𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: September 2026

Sinhala

ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ස්ටෙෆාන් ද අල්විස් ‘The 3i Show’ හරහා ප්‍රකට බිලියනපති ව්‍යාපාරික ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී සාකච්ඡාවක නිරත වෙයි

ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය…

ජාතික ණය ඇපකර ආයතනය කොමර්ෂල් බැංකුවට 2,000 වන සන්ධිස්ථානගත ණය ඇපකරය නිකුත් කරයි

ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික…

ශ්‍රී ලංකාවේ  Isuzu සන්නාමයේ නිල නියෝජිතයා වන සතෝස මෝටර්ස් ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

 Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී.  විසින් පසුගිය දා  ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය  පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ  විශිෂ්ට  කැපවීම සනාථ කළ සමාගමේ…

2026 දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 6 ඉක්මවයි

2026 වසරේ ජනවාරි – අගොස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, එක්සත් ජනපද ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2026 පළමු මාස 08 දී මෙම…

හේලීස් සෝලා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 3ක් එක් කරයි!

මෙගාවොට් 300 ක භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියක එක් වෙයි ශ්‍රී ලංකාවේ අංක 01 සූර්ය බලශක්ති විසඳුම් සපයන්නා වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) හි සූර්ය බලශක්ති අංශය වන හේලීස්…

දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්

සූර්ය බලශක්තිය, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු ජල කළමනාකරණය ඔස්සේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගොඩනැඟිය හැකි ආකාරය Deep Tec Engineering (Pvt) Ltd නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලින හෙට්ටිආරච්චි පැහැදිලි කරයි. වසරේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන ශ්‍රී ලංකාවට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්වීම්, වියළි කාලගුණ තත්ත්වයන් සහ ඇතැම්…

තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජනවාරියේ සිට

හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් – එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි….

ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ සිලෝන් තේ කර්මාන්තයේ ශක්තිමත්භාවය විදහා දක්වමින් තේ අපනයනකරුවන්ගේ සංගමයේ 27 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි

තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී 2026/2027 වසර සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බර්අලි මහතා…

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහසභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන්…

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි සුදුසුකම් හිමිකර ගැනීමේ වරම්

SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි උපාධි හැදෑරීම සඳහා නව අවස්ථා…