𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් “Antara” නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි

කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ.

පූර්ණ ලෙස සංවර්ධනය වූ ප්‍රදේශයක පිහිටා ඇති බැවින් පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වෙත ඉතා පහසුවෙන් ළඟාවීමේ හැකියාව Antara හි පදිංචිකරුවන්ට හිමිවේ. තලවතුගොඩ ප්‍රදේශයේ ඉඩම් හිඟතාවය සීඝ්‍රයෙන් වැඩිවන වටපිටාවක, මෙවැනි ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක ඉඩමක් හිමිකර ගැනීමට ලැබීම දුර්ලභ අවස්ථාවකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Groundworth සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසීය. “Antara යනු කොළඹට නුදුරු ප්‍රධානම ප්‍රදේශයක ඔබේම තැනක් වෙන්කරගන්න ලැබෙන හොඳම අවස්ථාවක්. මෙහි ඉඩමක වටිනාකම වගේම වටපිටාවේ තියෙන දියුණු පරිසරයත් එකසේ වැදගත්. පාසල්, රෝහල්, වෙළඳ සංකීර්ණ, ප්‍රවාහන සේවා සහ රටේ පරිපාලන නගරයට ඉතා ආසන්නයෙන් නිදහස් පරිසරයක ඔබේ සිහින නිවස ගොඩනගන්න අපි මේ තුළින් අවස්ථාව සලසා දී තිබෙනවා.”

Antara ව්‍යාපෘතිය, තලවතුගොඩ නගරයට සහ බත්තරමුල්ල – පන්නිපිටිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටා ඇත.බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය සහ කොළඹ ප්‍රධාන පරිපාලන කලාපය වෙත කිලෝමීටර 3ක් වැනි කෙටි දුරකින් පහසුවෙන් ළඟාවීමට මෙයින් හැකියාව ලැබේ. එසේම, දෛනික අවශ්‍යතා සහ විනෝදාස්වාද පහසුකම් රැසක් ද මීට ආසන්නව පිහිටා ඇත. දියසරු උද්‍යානයට කිලෝමීටර 1.7ක් ද, තලවතුගොඩ හේමාස් රෝහලට කිලෝමීටරයක් ද වන අතර, Capital Mall හි පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැලට ඇත්තේ කිලෝමීටර 1.2කි. SPAR, Arpico සහ GLOMARK වැනි අනෙකුත් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ද නුදුරින්ම පිහිටා තිබේ. මීට අමතරව, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල සහ විදුර විද්‍යාලය කිලෝමීටර 2ක පමණ සීමාවේ පිහිටා ඇති බැවින්, මෙය දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ද ඉතා යෝග්‍ය වේ.

පර්චස් 6.5 සිට ඉඩම් කොටස් ලබාගත හැකි මෙම ව්‍යාපෘතිය, අඩි 22 ක පුළුල් පිවිසුම් මාර්ග, තෙකලා විදුලිය, නළ ජල පහසුකම් සහ නිරවුල් ඔප්පු වලින් සමන්විතය. ස්වාභාවික අලංකාරයෙන් පිරි ආරක්ෂිත වටපිටාවක පිහිටි මෙහි ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 3.3 සිට ආරම්භ වේ.

සීමිත ඉඩම් කොටස් ප්‍රමාණයක් පමණක් ඇති “Antara by Groundworth” ව්‍යාපෘතිය නැරඹීම සඳහා දැන් ඔබටත් අවස්ථාව පවතී.