𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: July 2026

රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (23) රු. 340.87ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.64ක් ලෙසයි. ඊයේ (22) ඩොලරයේ විකුණුම් මිල රු. 341.04ක් ලෙස දැක්වුණා. උපුටා ගැනීම : හිරු නිව්ස්

SLIATE ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව COPE අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී…

ඩොලර් මිලියන 750කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer – TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750කට (රුපියල් බිලියන 214.7කට පමණ) සමාන මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව…

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙස ශාන්ත බණ්ඩාර නැවතත් තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) 65 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී, එම මණ්ඩලයේ 2026/27 වාරය සඳහා වන නව සභාපතිවරයා ලෙස සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් තේරී පත් විය. සෞඛ්‍ය නියෝජ්‍ය…

ඩී පී ලොජිස්ටික්ස් සමාගමට ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් ලෙස නව මුහුණුවරක් ආසියානු සහ මැද පෙරදිග ඇතුළු ගෝලීය වෙළෙද පොළට පිවිසීමේ සැළසුම්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි. මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස්…

ඩොලරයේ උච්ඡාවචන හමුවේ උන්ඩියල්, හවාලා ක්‍රමවල වර්ධනයක් සිදුවෙලා ද?- මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ දක්නට ලැබුණු සීඝ්‍ර වර්ධනයත් සමඟ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අස්ථාවරත්වය හමුවේ, පසුගිය මාස කිහිපය තුළ උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් විනිමය හුවමාරු මාධ්‍යයන් හි යම් වර්ධනයක් සිදුව ඇත්දැයි, අද දෙරණ Business විසින් ශ්‍රී…

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර්…

කාගිල්ස් කොටස් ගනුදෙනුවෙන් අද පිරිවැටුම රු. බිලියන 3 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (21) දිනයේ දී පහළ යාමක් වාර්තා කළ ද පසුගිය දිනවලට සාපේක්ෂව දෛනික පිරිවැටුමෙහි වාර්තාගත ඉහළ යාමක් දිනය තුළ නිරීක්ෂණය විය. ඒ අනුව අද (21) දිනයේ දී රු. බිලියන 3.27ක…

ජූලි මුල් භාගයේ දී දෛනික සංචාරක පැමිණීමෙහි වර්ධනයක්

2026 ජූලි මාසයේ මුල් දින 19 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 118,935ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දේ. මේ අනුව ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීමෙහි සාමාන්‍ය 6,260ක් ලෙසින් සටහන් වන අතර…

ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම ආයතනය වශයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක සංගමය’ 1976 වර්ෂයේදී පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය නියෝජනය වන වෘත්තිකයන්ගේ අභිලාෂයන් නිරූපණය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහ අනෙකුත් විධිමත්…