𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙනුවෙන් ඩොලර් මිලියන 450ක මූල්‍යාධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති අවිනිශ්චිතතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ කාම්බෝජයේ දුගී ගෘහ ඒකක සුරක්ෂිත කිරීම හා ආර්ථිකයන් ශක්තිමත් කිරීම මෙම මූල්‍යාධාරයන් ලබා දීමේ මූලික අරමුණ වේ.

එහිදී කාම්බෝජ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ක්ෂණික මැදිහත්වීමක් ලෙස කාම්බෝජයට ඩොලර් මිලියන 250ක ණයක් අනුමත කර ඇති අතර වෙළෙඳ, ආයෝජන හා කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිපත්තිමය පදනමින් ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගෙන ඇත.

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේ දී එකඟතාව පළ කර තිබුණි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා පසුගිය මාර්තු 24 දින සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී මේ බව සඳහන් කර සිටියේය.

මේ අතර පසුගිය ජූලි 01 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව කියා සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වූ හානි පූරණය හා නැවත ගොඩනැගීම් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍යාධාර පැකේජයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන බවයි.

උපුටා ගැනීම : අද දෙරණ