𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ලෝක බැංකු සහාය ලැබෙන ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡාවක්

ලෝක බැංකුවේ සහාය ලබන ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක් වේ.

රැස්වීම අතරතුර, සංචාරක ඉල්ලුම සහ සැපයුම් ප්‍රවණතා, සංචාරකයන්ගේ පැමිණීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්‍යන්තර අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයකින් සහාය වන දිගුකාලීන, දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. මෙම මුලපිරීම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂඥතාවයෙන් අපගේ සංචාරක ආයතන සන්නද්ධ කිරීම සඳහා විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සහ උපායමාර්ගික මඟ පෙන්වීම ලබා දෙන “MTI Consultancy and Skift Inc./JD” ආයතනයේ සහාය මෙහිදී අගය කොට සලකන ලදි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය තුළින්, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවන සහ කර්මාන්තයේ වර්ධනයට සහ තරඟකාරිත්වයට දායක වන තිරසාර වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම අරමුණු කෙරේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමාත්‍යාංශය යටතේ ඇති සංචාරක ආයතනවල සභාපතිවරුන්, SLAITO සහ TAASL නියෝජිතයින්, සංචාරක උපදේශක කමිටුව, ලෝක බැංකුවේ නියෝජිතයින්, “MTI Consultancy and Skift Inc./JD” ආයතනයේ නියෝජිතයින් සහ ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සෝමතිලක යන මහත්වරු සහභාගී වූහ.

අද දෙරණ