𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ආයෝජකයින් සනසාලමින් ASPI යළි විසිදහස පසුකරයි

දින කිහිපයක් පුරාවට වාර්තා වූ පසුබැස්මකින් පසු අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (16) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් යළිත් වතාවක් ඒකක විසිදහසේ සීමාව ඉක්මවා යාමට අද දින සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,185.05ක් ලෙසින් සටහන් වුණි.

ඊයේ (15) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 175ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණු අතර 2025 අගෝස්තු 14 දිනෙන් පසු පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය ඔක්තෝබර් 14 දා ඒකක විසිදහසේ සීමාවෙන් මෙපිටට පැමිණ තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 39.81කින් දිනය තුළ ඉහළ යමින් ඒකක 5,738.83ක් ලෙසින් ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.

රු. බිලියන 1.14ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වී තිබුණි.

අද දෙරණ