𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ගෝලීය විදුලි වාහන ඉල්ලුමේ පහළ යාමක්

එක්සත් රාජධානිය පදනම් කරගත් Benchmark Mineral Intelligence පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, පසුගිය 2026 සැප්තැම්බර් මාසෙය් දී ගෝලීය විදුලි වාහන (EV) ඉල්ලුම 2% කින් පහත වැටී ඇත. මෙලෙස සැප්තැම්බර් මාසයේ විදුලි වාහන ඉල්ලුම පහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩ මාස 06ක වර්ධනයක් අතපත් කර ගෙන තිබූ පසුබිමකය.

ඒ අනුව සැප්තැම්බර් මාසයේදී ගෝලීය විදුලි වාහන අලෙවිය වාහන මිලියන 2.15 දක්වා පහත වැටුණු අතර, වසරේ මේ දක්වා සමස්ත අලෙවිය 3% කින් ඉහළ ගොස් ඒකක මිලියන 15.5 ක් ලෙස සටහන් වී තිබේ.

2026 සැප්තැම්බර් මාසයේ දී යුරෝපයේ විදුලි වාහන ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර 600,000ක විදුලි වාහන ඒකක ප්‍රමාණයක් පසුගිය සැප්තැම්බර් මාසය තුළ අලෙවි වී ඇති බව මෙම දත්ත වාර්තා පෙන්වා දේ. එය මෙතෙක් යුරෝපාකරයේ වැඩිම විදුලි වාහන අලෙවියක් වාර්තා වූ 2026 ජූනි මාසයට සාපේක්ෂව 10%ක ඉහළ යාමකි.

කෙසේවෙතත් චීනයේ දේශීය ඉල්ලුම පහළ යාම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ විදුලි වාහන අලෙවිය ඒකක මිලියන 1.11ක් දක්වා පහළ ගොස් ඇත්තේ 18%ක පහත වැටීමක් වාර්තා කරමිනි.

එසේම මේ දක්වා වාර්තා වී ඇති ඉහළම මාසික පහළ යාම වාර්තා කරමින් උතුරු ඇමරිකානු කලාපයේ විදුලි වාහන අලෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී 44%කින් අඩු වී ඇත.

අද දෙරණ