𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Mercedes-Benz හා Jeep මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට, ඩීමෝ හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අත්වැල් බැඳ ගනියි

නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව පිරිනමන මෙම ලීසිං වැඩසටහන මගින් සැලසෙන ප්‍රතිලාභ Mercedes-Benz හා Jeep වාහන අලුතෙන්ම මිලදී ගන්නා සහ pre-owned වාහන සඳහා වලංගු වේ. මෙම සුවිශේෂී සබඳතාවය මගින් පාරිභෝගිකයින් හට සුඛෝපභෝගී වාහන හිමිකර ගැනීමට හැකියාව සලසා දීමට ඩීමෝ කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. ඉතාමත් කඩිනම් ලීසිං පහසුකම් මගින් එම වාහන පාරිභෝගිකයින් වෙත ලබා දීමටද මෙමගින් ඩීමෝ වෙත හැකියාව පවතී. 2020 සැප්තැම්බර් 22 දා ඇරඹෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 මාර්තු 01 වැනිදායින් අවසන් වේ.

ඩීමෝ – නේෂන්ස් ට්‍රස්ට් හවුල්කාරීත්වය මගින් අනාගත වාහන හිමියන්ට වාහන මිලදී ගැනීම සඳහා PCP ක්‍රමවේදයක්ද ඉදිරිපත් කරනු ලැබේ. එමගින් විවිධ පාරිභෝගික අවශ්‍යතාවන් අනුව ගෙවීම් ක්‍රම තෝරා ගැනීම සඳහා ඉඩ සැලසෙන අතර, අවම මාසික වාරික යටතේ ගෙවිය හැකි වීමේ වාසියද පාරිභෝගිකයින්හට අත්කර ගත හැකිය. එමෙන්ම, අලුතෙන් මිලදී ගන්නා වාහන සඳහා මෙන්ම pre-owned වාහන සඳහා ද විශේෂිත පොලී අනුපාත යටතේ  වසර 5ක් දක්වා ගෙවීමට හැකියාව පවතී.

එමෙන්ම ඩීමෝ වෙතින්, සියලුම Mercedes-Benz හා Jeep වාහන සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් සුවිශේෂී මිලක් ලබා දීමට කටයුතු කර තිබේ. pre-owned වාහන සඳහා ඩීමෝ වෙතින් පිරිනැමෙන වසරක වගකීමේ සහතිකය හා රු.100 000 ක වට්ටම මිලදී ගන්නා සෑම වාහනයක්ම සඳහාම වලංගු ය. එමෙන්ම, 9.5% ක පොලී ප්‍රතිශතයකින් යුත්, වසර 5ක් දක්වා වලංගු රක්ෂණාවරණයක් ද පිරිනැමීමටද එහිදී කටයුතු කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩීමෝහි (Mercedes-Benz) සාමාන්‍යාධිකාරී රජීව් පණ්ඩිතගේ මහතා මෙලෙස සඳහන් කරයි.

“අපගේ පාරිභෝගිකයන් හට කිසිදු කරදරයකින් තොරව හොඳම මිල ගණන් යටතේ ඔවුන් සිහින දකින වාහනය අත්පත් කර ගැනීමට ඉඩ සලසා දීම සඳහා නවතම ක්‍රමවේද සලසා දීමේ ඉතිහාසයක් ඩීමෝ අප සතුයි. මෙම හවුල්කාරීත්වය තුළින් පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් ප්‍රවර්ධන වැඩසටහන මගින් විශාල සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකි වේවි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අප ඇති කර ගත් සම්බන්ධතාවය මගින් මෙම කටයුත්ත  අඛණ්ඩව සිදු කිරීමට හැකිවන අතරම, වාහන වෙළෙඳ පොළ තුළ ආකර්ෂණීය මිල ගණන් යටතේ වාහන ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත් වෙනවා. මෙම ක්‍රමය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන් සිහින දකින Mercedes-Benz හා Jeep වාහන ඩීමෝ වෙතින් ලබා ගැනීමට දැන් හැකියාව පවතින බව සතුටින් සඳහන් කරන්න කැමතියි.”

මෙම නවතම අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය සභාපති (ලීසිං) ප්‍රියන්ත සමරවික්‍රම මහතා මෙලෙස සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළේ ප්‍රමුඛයෙකු වන ඩීමෝ සමග මෙලෙස අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපට ආඩම්බරයට කරුණක්. අපි නිරන්තරයෙන්ම කැප වී සිටින්නේ, පහසු මූල්‍ය සේවාවන් පිරි නමමින් අපගේ පාරිභෝගිකයින් වෙත හොඳම වටිනාකම් හිමිකර දීමටයි. අපගේ පාරිභෝගිකයින්ට අන් කවරදාටවත් වඩා ඉතාමත් පහසුවෙන් ලීසිං පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් අද වන විට, Nations onsite ලීසිං සැලැස්ම දක්වා වෙනස් ක්‍රම කරා අපි යොමු වී තිබෙනවා. ඒ අනුව දැන් පාරිභෝගිකයින්ට වාහන මිලදී ගන්නා ස්ථානයේ සිටම ලීසිං ක්‍රියාවලිය ආරම්භ කළ හැකි අතරම, ඒ සම්බන්ධ සියලුම වැඩ කටයුතු අපගේ නියෝජිතයින් විසින් ඉටු කර දෙනවා. ඩීමෝ සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය මගින් අපගේ වටිනා පාරිභෝගිකයින් හට වඩාත් නම්‍යශීලී සහ පහසු ලීසිං පැකේජ මගින්, වඩාත් පහසු වාරික ගෙවීමේ ක්‍රම යටතේ හොඳම වාහනයක් හිමි කර ගැනීමට දැන් ඉඩකඩ සැලසී තිබෙනවා.”

වසර 80 කට වැඩි කලක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත සුඛෝපභෝගී වාහන ළඟා කරමින් සිදු කරන සේවාවේ ප්‍රතිඵලයක් වශයෙන්, දිවයින පුරාම විසිරී සිටින වාහනලෝලීන් වැඩි පිරිසක් ඩීමෝ සමග දීර්ඝ කාලීනව බැඳී සිටිති. Mercedes-Benz හා Jeep වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදා හරින්නා වශයෙන් ඩීමෝ, අදාළ සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කරමින් පාරිභෝගිකයින් හට කිසිදු අවහිරයකින් තොරව වාහන මිලදී ගැනීමේ අත්දැකීම පහසු කරමින් හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන සන්නාමයක් බවට, මේ වන විටත් සනාථ කර තිබේ. එමෙන්ම මිලදී ගන්නා වාහන සම්බන්ධයෙන් අලෙවියෙන් පසු අද්විතීය සේවාවක්ද ඩීමෝ වෙතින් පිරි නැමෙන අතර, ඩීමෝ ආනයනය කර අලෙවි කරන එම සෑම වාහනයක් සඳහාම, සෑම 10000 Km කට වරක්ම අලුත්වැඩියාවන් සිදු කර දීම විශේෂත්වයකි. මෙම සෑම අලුත්වැඩියාවක් සඳහාම වගකීම් සහතිකයක් මෙන්ම මිලදී ගන්නා වාහන සඳහා කර්මාන්ත ශාලාව මගින් පිරිනමන වගකීම් සහතිකයක් ලබා දීමටද ඩීමෝ කටයුතු කරයි.  

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ අත්වැල් බැඳ ගනිමින් පිරිනමන මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඕනෑම නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාවක් ඇමතීමෙන් හෝ Mercedes-Benz ඩීමෝ 800 මධ්‍යස්ථානයේ දුරකථන අංක 0772449797 ඇමතිය හැකිය.

ඡායාරූප විස්තරය-

ඩීමෝ හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නිලධාරී මහත්වරුන් ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව