𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

DIMO දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවය කිරීමට සුදුසුම ආයතනයක් ලෙස නොකඩවා සම්මානයට පාත්‍රවේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO ජයග්‍රාහී එකොළොස් වන වරටත් Great Place to Work සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුළදී  DIMO  දිනා ගත් සම්මාන අතරට  Asia’s Top 100 Workplaces යන සම්මානයද ඇතුළත් වේ. සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත සේවයට සුදුසු ආයතනයක්  බිහි කිරීමෙහිලා DIMO දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ද්විත්වය හඳුන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී දිල්රුක්ෂි කුරුකුලසූරිය පැවසුවේ මෙම අඛණ්ඩ ජයග්‍රහණය පිටුපස පවතින්නේ ඔවුන් පවත්වාගෙන යන යහපත් මානව සම්පත් පිළිවෙත් පමණක්ම නොවන බවත් සමාගමේ සේවක වටිනාකම් යථාර්තයක් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් දියත් කර ඇති උපායමාර්ගික ප්‍රවේශයන්ද මෙම ජයග්‍රහණයට හේතු වූ බවත්ය. සමාගමේ සේවකයින් මෙම ජයග්‍රහණයේ ප්‍රමුඛස්ථානයක් හොබවන අතර සිය සමාගම තුළදී ඔවුන් ලබාගත් විවිධ අත්දැකීම් පිළිබඳව ඔවුන් දක්වන ලද අදහස් තුළින් එය මානව පිළිඹිබු වේ. 

DIMO හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chemical Solutions) රඛිත ගුණසේකර පැවසුවේ සිය සාරධර්මවලට හානියක් නොවන පරිදි සේවා ස්ථානයට තම උපරිමය ලබා දීමට සේවකයන්  දිරිමත් කරන පරිසරයක් ඔහු  ‘Great Place to Work’ ලෙස දකින බවත් DIMO එයට කදිම නිදසුනක් බවත්ය.

DIMO හි පුහුණු කළමනාකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි (Retail) රවිනේෂ් සේනාරත්න මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO මා සේවයට බඳවා ගත්තා පමණක් නොවේ ඔවුන් මා වෙනුවෙන් ආයෝජන කලා. මා කෙරෙහි විශ්වාසය තබමින් විවිධ වෙළඳ නාම, නිෂ්පාදන සහ සේවාවන් මට භාර කරනු ලැබුවා.මගේ වෘත්තීය දියුණුව උදෙසා DIMO සැමවිටම මට සහය දැක්වූවා.”

DIMO හි සේවක ඇගයීම් සහ දිරිගැන්වීමේ සංස්කෘතිය නවෝත්පාදන සඳහා  ඉවහල් වන බවත් ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට සිය ඉලක්කයන් අභිබවා යෑමට එය බෙහෙවින් උපකාර වූ බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – (මෝටර් රථ අමතර කොටස් අලෙවි )විරාජ් ගුණරත්න පවසා සිටියේය.

ආයතනය තුළ දක්නට ලැබෙන විවිධත්වය, සියල්ලගේම දායකත්වය ලබා ගැනීම ,සමානාත්මතාවය වැනි කරුණු නිසා නව අදහස් සහ ඉහල කාර්යක්ෂමතාවය තුළින් සේවා මෙහෙයුම්වල  ගුණාත්මකභාවය ඉහල නැංවීම සිදුවෙනවා. එසේම  Mercedes-Benz වැනි සන්නාමයන්ට සේවාවන් සැපයීමට අවශ්‍ය විශිෂ්ට නිපුණත්වයෙන් යුත් සේවක පිරිසක් බිහිකිරීමේ හැකියාව ලැබෙන බව Mercedes-Benz මගී සේවා අංශයේ පාරිභෝගික සේවා ප්‍රධානී ෂෙහාන් ප්‍රනාන්දු පවසා සිටියේය.

DIMO හි සේවය කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් උපන් දින, කණ්ඩායම් ජයග්‍රහණ සැමරීමත්, කළමනාකාරීත්වය විසින් කරනු ලබන ඇගයීම් වැනි දේ වලින් සපිරි සුහදශීලී පරිසරයක් DIMO සතු බවත් ඉල්ලුම් සහ සැපයුම් සැලසුම් කිරීමේ විධායක අජ්ලා ජයකොඩි පවසා සිටියාය.

සහකාර කළමනාකාරිනී – මෙහෙයුම් අනුකූලතා සුජනි වන්නිආරච්චි පවසා සිටියේ DIMO නිරතුරුවම සේවක යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් DIMO Got Talent, DIMO Sports Club, සහ DIMO Nature Club වැනි වැඩසටහන් මඟින් සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයෙන් ඔබ්බට ගොස්  පුද්ගලික ජිවිතය ද මනා ලෙස පවත්වා ගැනීමට අවස්ථා ලබා දෙන බවත්ය.

කළමනාකාර අධ්‍යක්ෂක සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරීගේ ලේකම් ලෙස කටයුතු කරන නිලූකා ෆර්ඩිනැන්ඩ්ස් වසර 13කට වැඩි කාලයක් DIMO වෙත සේවය කර ඇති අතර DIMO හි ධනාත්මක  සේවා පරිසරය සහ සේවකයන් එකිනෙකා කෙරෙහි දක්වන විශ්වාසය සහ සුහදත්වය, රැකියාව ගැන ගරුත්වයක් ඇතිකරමින්  වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇයව දිරිමත් කල බව පැවසුවාය.

වෛද්‍ය ඉංජිනේරු විසඳුම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිමල්  තෙන්නකෝන් ගනුදෙනුකරුවන් කළමනාකරණය කිරීමේ සිට Carl Zeiss වැනි ජාත්‍යන්තර සන්නාමයන් හැසිරවීම දක්වා සමාගම ඔහුට ලබාදුන් පුහුණු සහ සංවර්ධන අවස්ථා පිළිබඳව සිය අදහස් දැක්වීය. “මම වැඩ කිරීමට කැමති ව්‍යාපාර අංශය  තෝරා ගැනීමට DIMO මට පූර්ණ නිදහස ලබා දුන්නා. ලොව පුරා සියලුම Carl Zeiss කර්මාන්තශාලා වල පුහුණු සහ සංවර්ධන අවස්ථා සහ ජාත්‍යන්තර වෛද්‍ය සම්මේලන රාශියක් නියෝජනය කිරීමේ අවස්ථා තුළින් DIMO මගේ වෘත්තීය ජීවිතය සුවිශේෂී මාවතකට ගෙන ගියා.”

DIMO හි පිළිගත් සේවා සංස්කෘතිය තම සේවක ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගැන්වීම  සඳහා සමාගමේ කැපවීම යලි යලිත් තහවුරු කරයි.

ඡායාරූප  සිරස්තලය:

පසුගියදා පැවති Great Place to Work සම්මාන උළෙලට සහභාගී වූ DIMO මානව සම්පත් කණ්ඩායම් නියෝජිතයින්