𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට

ශ්‍රී ලංකාවේ රුව වඩන සඳුන් සබන් අතර ප්‍රමුඛතම   සන්නාමය, රාණි සඳුන් දශක 08ක අසමසම  ගුණාත්මක බව සහ සුන්දරත්වය සමරමින් රාණි සඳුන්, දිදුලන ඔබ  රැජිනක් යන තේමාව යටතේ මන බන්දනීය සහ ආකර්ෂණීය මුහුණුවරකින් වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇත.

වර්ෂ 1941 දී, කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ දී පළමුවරට සබන් නිෂ්පාදනය කරන විට, එය ශ්‍රී ලාංකේය වෙළඳ පොළට පැමිණි පළමු රුව වඩවන සබන් සන්නාමය විය. අද වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ අංක එකේ රුව වඩවන සඳුන් සන්නාමය ලෙස රාණි සඳුන් පත් වීමට සිය පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය හේතුවක් වූ බව ස්වදේශී කර්මාන්තායතනය සාඩම්බරයෙන් පිළිගනියි.

මේ සම්බන්ධයෙන්  ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි A. M. විජයවර්ධන මැතිණිය අදහස් දැක් වූයේ “උසස් ප්‍රමිතීන් ළඟා කර ගැනීම සහ අඛණ්ඩව වැඩි දියුණු කිරීමේ කැපවීමත් සමඟින් රාණි සඳුන් ශ්‍රී ලංකාවේ ස්වභාවික රුව වඩන සත්කාර නිෂ්පාදන පිරිනැමීම් හි ප්‍රමුඛස්ථානයේ රැඳී සිටිනවා, ‍රාණි සඳුන් සන්නාමය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වෙළඳපොළේ ද පුළුල් ලෙස පිළි ගැනීමට පාත්‍ර වී තිබෙනවා” යනුවෙනි.

මෙහි නවෝත්පාදන හා පර්යේෂණ  පදනම් කර ගත් සංවර්ධනය සහ නිෂ්පාදන උපායමාර්ග, පාරිභෝගිකයාගේ රුචිකත්වය තෘප්තිමත් කරමින් නව රූපලාවන්‍ය සහ පුද්ගලික සත්කාරක නිෂ්පාදන වෙළඳ පොළට ගෙන ඒමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.  පර්යේෂණ සහ සංවර්ධන වෙනුවෙන් කර්මාන්තායතනයේ ආයෝජනයන්ගෙන් මෙය  අවධාරණය වේ.   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එහි පවතින ඉහළ තාක්ෂණික විද්‍යාගාර සහ එහි කළමණාකරන ක්‍රියාවලිය වෙනුවෙන් (SLSI) ISO 9001 – 2015 ප්‍රමිති සහතිකය ද ස්වදේශී කර්මාන්තායතනයට පිරිනමන ලදි.

ශ්‍රී ලාංකේය යුවතියන් රුවින් දිදුලවන රාණි සඳුන් සබන්, 1960  සිට 1980  දක්වා මිස් සිලෝන් සහ මිස් ශ්‍රී ලංකා යන රූප රාජිනි තරඟ සඳහා  අඛණ්ඩ අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

සඳුන් යනු, සියවස් ගණනාවක් පුරා  යුවතියන්ගේ සුන්දරත්වයේ රහසයි. සඳුන් පොතු කැබැල්ලක් ගලක් මත අතුල්ලමින්, ඉන් ලබා ගන්නා ස්වභාවික පල්පය ගෙන මුහුණ ලස්සන කිරීමට ආලේප කිරීම පුරාණයේ සිට පැවත එන්නකි. අතීතයේ රැජිනියන්ගේ සහ  කුමාරිකාවන්ගේ සමේ තෙල් ස්වභාවය අඩු කිරීමට සහ සම ලස්සන කිරීමටත්, පැහැපත් දිදුලන සමක් පවත්වා ගැනීමටත් සඳුන්  උපකාරී වී ඇත.

සඳුන්වල අඩංගු ඖෂධීය ගුණාංගයන් රුධිරයේ ගමනාගමනය ක්‍රමවත් කිරීමට ද සමත් වන්නේ ස්වභාවිකව සමට දීප්තියක් ඇති කරමිනි. මෙම ඖෂධීය ගුණ චර්ම රෝග වැළැක්වීමට ක්‍රියා කරන අතර දහඩිය දැමීම අවම කර ශරීරය සිසිල් කිරීමට උපකාර කරයි. සඳුන් මඟින් සුන්දරත්වය ලැබෙන්නේ බාහිර සමට පමණක් නොවේ. මේ නිසා  අපගේ පැරැන්නන් විසින් සම අලංකාර කිරීම වෙනුවෙන් භාවිතා කළ වඩාත්ම ඵලදායී ශාකසාර ඖෂධය බවට සඳුන්  පත් විය.

මන බන්දනීය සුවඳ ආවර්ජනය කරන විට, අපේ මනසට නිරායාසයෙන්ම සිහියට නැඟෙන්නේ සඳුන් ය. සඳුන් සුවඳ අතීතය ආවර්ජනයේ පවිත්‍රතාවත්,  දිව්‍යමය බව සහ දිව්‍යමය සුවඳත් යුවතියන්ට වඩාත් සුන්දරත්වයක් ගෙන දෙයි

මානව අධ්‍යාත්මයට සාමකාමී බවක් ගෙන දීමේ සඳුන් සතු හැකියාව මෑතක දී බටහිර විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන ඇත. මෙම සොයා ගැනීම් ජාත්‍යන්තර අන්තර්ජාල විශ්වකෝෂ තුළ පවා කතා බහට ලක් වීමෙන් පෙන්නුම් කරන්නේ, බටහිර ජාතීන් වෙත පවා මේ වන විට සඳුන් පිළිබඳව උනන්දුවක් ඇති වී ඇති බවයි

රුවින් දිදුලවමින් ඔබ රැජිනක් සේ බබලවන සඳුන් තෙල්වලින් පරිපූර්ණ රාණි සඳුන් සුන්දරත්වයේ 80 වසරක විශ්වාසය ද දරයි. ස්වදේශී කර්මාන්තායතනයේ රාණි සඳුන්, සඳුන් ආශ්‍රිත රූපලාවන්‍ය සත්කාරක නිෂ්පාදන අංශයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වේ.

100%ක් දේශීය සමාගමක් ලෙසින් ස්වදේශී ජාතිය ගොඩ නැගීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව සිදු කරයි.  ස්වදේශී කොහොඹ, ස්වභාව දහම රැක බලා ගැනීමට සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට අවධානය යොමු කරමින් තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැපවෙයි.   සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ දිවයිනේ පූජනීය ස්ථානවල වාර්ෂිකව සිදු කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය යටතේ කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ දී ස්ථාපිත කරන ලදි.  ස්වදේශී විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර  රාණි සඳුන්, ස්වදේශී කොහොඹ, ස්වදේශී  කොහොඹ  බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්,  බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ  පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක්   භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. රාණි සඳුන් ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙජිටේරියන් සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී, සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ද ස්වදේශී වේ.

ඡායාරූප විස්තරය

ස්වදේශී කර්මාන්තායතනයේ, සභාපතිනි, A. M. විජයවර්ධන මැතිණිය, රාණි සඳුන් නව මුහුණුවර එළි දක්වමින්. කොළඹ 03, බෙයාර්ෆුට් ගැලරියේ දී
වමේ සිට දකුණට ,ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි  /  කළමනාකාර අධ්‍යක්ෂිකා  චූලෝධරා සමරසිංහ මහත්මිය, ප්‍රධාන විධායක නිළධාරී – අමිල උඩවත්ත මහතා, සභාපතිනි – A. M. විජයවර්ධන මැතිණිය, අධ්‍යක්ෂක – කවින්ද ඩයස් අබේසිංහ මහතා සහ සාමාන්‍යාධිකාරී – අලෙවි චමින්ද ජයසිංහ මහතා