𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

KTM මෝටර් සයිකල් නවතම ප්‍රදර්ශනාගාරය දැන් පෑලියගොඩ විවෘතයි

මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ කාණ්ඩයේ නව පෙරළියක් ඇති කරමින් යළිත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරටට හදුන්වාදුන් KTM මෝටර් සයිකල් තවදුරටත් මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට සමීප කරවමින් KTM Peliyagoda නවතම ප්‍රදර්ශනාගරය පසුගියදා අංක 389, මීගමුව පාර, පෑලියගොඩ යන ස්ථානයේදී විවෘත කෙරුණි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ මහතා අතින් නව ප්‍රදර්ශනාගාරය විවෘ කෙරුණු අතර ඒ සදහා ප්‍රධාන නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා, අංශභාර කළමනාකරු – වාහන විකුණුම් අකිල ඇලබොඩගේ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.  

මෙම අති නවීන ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට Duke 160, Duke 250 සහ Adventure 390 X ඇතුළු සියලු KTM මෝටර් සයිකල් මාදිළිවල අත්දැකීම ලබාගැනීමේ හැකියාව ඇත.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට හඳුන්වා දුන් අතර එමඟින් මෙරට පාරිභෝගිකයන් වෙත ගෝලීය මට්ටමේ මෝටර් සයිකලයක අත්දැකීම ලබාගැනීමේ අවස්ථාව හිමි වුණි.

ගෝලීය වශයෙන් යුරෝපයේ අංක එකේ රේසිං මෝටර් සයිකල් සන්නාමය වන KTM, MotoGP සහ Dakar Rally වැනි ජාත්‍යන්තර තරඟාවලි හරහා තහවුරු කළ සිය රේසිං උරුමය සහ ඉංජිනේරු විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවට රැගෙන එන අතර මෙවර හඳුන්වා දුන් Duke 160, Duke 250 සහ Adventure 390 X යන මාදිලි ත්‍රිත්වය ඒ සඳහා කදිම උදාහරණයකි. මෙම සෑම මාදිලියක්ම ක්‍රියාකාරීත්වය, වේගය සහ නවීන තාක්ෂණය යන අංගයන්ගෙන් සමන්විතය.

KTM මෝටර් සයිකල් ආක්‍රමණශීලී පෙනුමකින් සහ WP APEX USD සස්පෙන්ෂන්, 6-speed ගියර් පද්ධතිය සහ දියර සිසිලන එන්ජින් වැනි නවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත වේ. තවද තෝරාගත් මාදිලි අනුව Supermoto ABS, Ride-by-wire, Slipper clutch සහ Quickshifter+ වැනි උසස් පහසුකම් මෙන්ම නවීන TFT වර්ණ සංදර්ශක හරහා රියදුරුට උපරිම ආරක්ෂාවක් සහ උද්යෝගිමත් ධාවන අත්දැකීමක් ලබා දෙයි.

KTM හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස DPMC දැනටමත් දිවයින පුරා සිය ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලය පුළුල් කරමින් සිටින අතර ඒහි ප්‍රතිඵලයක් ලෙස KTM Peliyagoda ප්‍රදර්ශනාගාරය විවෘත විය.

077 077 8051 ඇමතීමෙන් KTM Peliyagoda ප්‍රදර්ශනාගාරය හා සම්බන්ධ විය හැකි අතර ඔබට මෙම සුවිශේෂී KTM මෝටර් සයිකල් අත්දැකීම ලබාගත හැකි වේ.