𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 වසරේ ලොව හොඳම Medical Tourism ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

Travel And Tour World (TTW) ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසර සඳහා ලොව හොඳම වෛද්‍ය සංචාරක (Medical Tourism) ගමනාන්ත 50 ලැයිස්තුවේ 49 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය ආයුර්වේද සුවතා ක්‍රමවේදයන්ගේ මනා සංකලනයක් ලෙස ශ්‍රී ලංකාව එහිදී ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දැරිය හැකි මිලකට ලබාදෙන උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවන්, දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් සහ ලොව පිළිගත් ආයුර්වේද සම්ප්‍රදායන් සතු වීමයි. විශේෂයෙන්ම පහත සඳහන් වෛද්‍ය ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සතු දියුණුව මෙහිදී ඇගයීමට ලක්ව ඇත:

  • හෘද රෝග විද්‍යාව (Cardiology)
  • විකලාංග වෛද්‍ය විද්‍යාව (Orthopaedics)
  • පිළිකා ප්‍රතිකාර (Oncology)
  • සාඵල්‍යතා ප්‍රතිකාර (Fertility treatment)
  • දන්ත සහ රූපලාවන්‍ය සැත්කම්

වර්තමාන වෛද්‍ය සේවා අපේක්ෂිත සංචාරකයන් හුදෙක් අඩු පිරිවැය පමණක් නොව, සායනික විශිෂ්ටත්වය, විනිවිදභාවය සහ සුවපහසු ලෙස සුවය ලැබිය හැකි පරිසරයක් ද අපේක්ෂා කරයි. 2026 වසරේ මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තුර්කිය දිනාගෙන ඇති අතර, තායිලන්තය, ඉන්දියාව, මෙක්සිකෝව සහ දකුණු කොරියාව මුල් ස්ථාන පහේ පසුවේ. එක්සත් රාජධානිය මෙහි 21 වන ස්ථානය දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව 49 වන ස්ථානයේ පසුවුවද, දකුණු ආසියානු කලාපයේ වෛද්‍ය සහ සුවතා සංචාරක ක්ෂේත්‍රයේ නැගී එන ප්‍රබල ගමනාන්තයක් ලෙස මෙම වාර්තාව මගින් තහවුරු කර ඇත.

Travel And Tour World (TTW) ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම Medical Tourism ගමනාන්ත 50 පහත පරිදි වේ.

උපුටා ගැනීම : අද දෙරණ