𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2020 දී මධ්‍යම පන්තියේ සිටි පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව සිදුකළ සමීක්ෂණයකට අනුව, මෙම සමස්ත වර්ධනය පිටුපස අසමාන ආදායම් ව්‍යාප්තියක් පවතින බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

2020 වසරට සාපේක්ෂව පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී කාණ්ඩ (Aspirers සහ Strugglers) වෙත පහත වැටී ඇති බව මෙම සමීක්ෂණයේ ප්‍රබල හෙළිදරව්වකි. ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආහාර, නිවාස සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය වියදම් සඳහා වෙන්කිරීමට සිදුවන පංගුව 2020 දී පැවැති 53% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව එය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සමීක්ෂණයේ තවත් වැදගත් අනාවරණයන් කිහිපයක් වේ.

මෙම ආදායම් වෙනස්වීම් පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළට දැඩි ලෙස බලපා ඇත. මෙරට මධ්‍යම පන්තිය සමස්ත පාරිභෝජනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවන අතර, මසකට රුපියල් 400,000කට වැඩි ආදායම් ලබන ඉහළම පැලැන්තිය (Affluents) ඔවුන්ගේ පවුල් අනුපාතයට වඩා තුන් ගුණයක වියදම් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරයි.

භූගෝලීය වශයෙන් ගත් කල, ග්‍රාමීය ප්‍රදේශ මෙන් දෙගුණයක ඉහළ ආදායම්ලාභී පවුල් ප්‍රමාණයක් බස්නාහිර පළාත (කොළඹ, ගම්පහ, කළුතර) තුළ සිටින ඇති අතර, සමස්ත මධ්‍යම පාන්තික පාරිභෝගික පදනමෙන් 56%ක ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාණ්ඩය නියෝජනය කරනු ලබයි.

අද දෙරණ