𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

“හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට මොරවක පදිංචි එම්.එස්. ගර්ටි සමන්මලී සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග පිළිවෙලින් කොළඹ 05 පදිංචි වයි.කේ.පී.පී. සේනානායක සහ කිතුල්හිටියාව පදිංචි බී.එම්.ඒ.එස්. ශ්‍රීපාල් සමත් වූහ. ජයග්‍රහකයින්ට ත්‍යාග ලබාදීම හච් පසුගෙවුම් සමානයාධිකාරී,  ඉඳුනිල් ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.

hSenid Mobile Solutions අනුබද්ධ BeyondM,මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. BeyondMයනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි. දැනුමයි මිලියනයයි යනු මාස 6 කාලපරිච්ඡේදයක් පුරා දිවෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන අතර පාරිභෝගිකයින් හට SMS, web හෝ දැනුමයි මිලියනයයි app ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැක.

මෙම “හච් දැනුමයි මිලියනයයි” වැඩසටහන හුදෙක්,‍ සාම්ප්‍රදායික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පමණක් නොවන අතර ඒ සඳහා සහභාගි වන්නන්ට ඩිජිටල්  මාධ්‍ය ඔස්සේ විනෝදාස්වාදය ලබා ගන්නා අතරතුර ස්වකීය වටිනා කාලය කැපකරමින් සිය දැනුම වර්ධනය කර ගැනීමට මාහැඟි අවස්ථාවක්ද වෙයි. මෙය සහභාගී වන සියලු දෙනාට සමාන දිනුම් අවස්ථා සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන තරඟයකි.

මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පරිශීලකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට SMS කිරීම මඟින් හෝ play store මගින් Danumai Miliyanayai app ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වියහැක. මෙම සේවාව සක්‍රීය කරගැනීමෙන් පසුව පරිශීලකයින්ට දිනකට ප්‍රශ්න 10 ක් ලැබෙන අතර සෑම නිවැරදි පිළිතුරක් සඳහාම ලකුණු හිමිවේ. මාස හයක් අවසානයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන අතර එහිදී ලබාගත් ලකුණු ගණන එක් එක් පරිශීලකයාගේ ජයග්‍රාහී අවස්ථා තීරණය කරයි.

දැනට ක්‍රියාත්මක 27 වන දැනුමයි මිලියනයයි තරඟය 2021 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වන අතර 28 වන තරඟය මැයි 1 වනදා සිට ආරම්භ වේ.