𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි

Untitled design – 1

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත  සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  සිය  සූර්ය බලශක්ති නිෂ්පාදන කළඹෙන් මෙගාවොට් 4,830ක ප්‍රමාණයක් සිය රොබෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමට කටයුතු කරන අතර, එමඟින් වාර්ෂිකව ජලය ලීටර් මිලියන 595 ක් ඉතිරි වන බව ගණන් බලා ඇත.

 ජල පරිභෝජනය අඩු කිරීම සහ ජල සම්පත් සංරක්ෂණය කිරීම තුළින් සිය සියලු ම කර්මාන්තශාලා  ජල-ධනාත්මක කර්මාන්තශාලා බවට පත් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කැප වෙයි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය හරිත විදුලි උත්පාදන ක්‍රියාවලියේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ද, ඒ සඳහා යොදා ගන්නා සූර්ය පිරිසිදු කිරීම ජලය අධික ලෙස වැය වන ක්‍රියාවලියකි. එමෙන් ම කාර්යක්ෂම බලශක්ති උත්පාදනයක් සඳහා සූර්ය පැනල පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වන අතර, මෙම ක්‍රියාවලිය සඳහා සිය නවතම තාක්ෂණික ක්‍රමවේද හරහා ජලය අවම වශයෙන් වැය වන ක්‍රමවේදයක් හඳුනා දෙමින්, හරිත බලශක්ති උත්පාදන ක්ෂේත්‍රය තිරසාර කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම අවධානය යොමු කර ඇත.

සූර්ය පැනල නඩත්තු කිරීම සඳහා ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන්  අදානි ග්‍රීන් එනර්ජි සමාගම ජලයෙන් තොර රොබෝ පිරිසිදු කිරීමේ පද්ධතියක් යෙදවීමට කටයුතු කර ඇති අතර,  එම තාක්ෂණය සිය සූර්‍ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති, දෙමුහුන් සූර්ය බලාගාර සහ අනාගත ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කර ඇත. විශේෂයෙන් පුනර්ජනනීය ජල මූලාශ්‍ර අඩු වන වියළි සහ ශුෂ්ක කලාපවල මෙම ක්‍රමවේදය ප්‍රචලිත කරමින්, සූර්ය මොඩියුල නඩත්තුව සඳහා ජල භාවිතයෙන් ඈත් වීමට  අදානි ග්‍රීන් එනර්ජි සමාගම අරමුණු කරයි.

වර්තමානය වන විට, අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සිය සූර්ය සහ දෙමුහුන් බලාගාරවලින් 30%ක් සඳහා  (එනම්, මෙගාවොට් 7,043ක් නිපදවන සමස්ත ක්‍රියාවලියෙන් මෙගා වොට් 2,070ක් නිපදවන බලාගාර සඳහා ) මෙම  රොබෝ පිරිසිදු කිරීමේ තාක්ෂණය දැනටමත් භාවිත කරනු ලබන අතර, එමගින් වාර්ෂිකව ජලය ලීටර් මිලියන 283 ක් ඉතිරි කරයි. එය නිවාස මිලියන 2.7ක වාර්ෂික ජල අවශ්‍යතාවට සමාන බව සමීක්ෂණ වාර්තා තහවුරු කරයි.

වසර ගණනාවක සිට අදානි ග්‍රීන් එනර්ජි සමාගම සිය සූර්ය පැනල සහ මොඩියුලවල දූවිලි එක් වීම වැළැක්වීම සඳහා රොබෝවරුන් යොදවා ඇත.  මෙම රොබෝවරුන් පරිසර හිතකාමී මෙන් ම සූර්ය බලශක්ති නිෂ්පාදනය වැඩි දියුණු කරන, ජලයෙන් තොර තාක්ෂණය භාවිත කරන අතර, එය ඇතුළු ව  තිරසාර ජල කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) අතරින් 6 වන ඉලක්කය සමඟ පෙළගැසෙමින්,  ජල සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි.

අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිත් සිං මහතා ප්‍රකාශ කළේ, “අපි ඉදිරියට යන විට, මුහුණ දීමට සිදු වන ස්වාභාවික සම්පත් හිඟතාවට යම් පිළියමක් විදියට මෙම  රොබෝ පිරිසිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට අපි කටයුතු කළා.  ඒ වගේ ම දේශගුණික විපර්යාස අවදානම අවම කිරීමේ    වැදගත්කම අවබෝධ කර ගත් නිසා ම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබා දීමට අමතරව,  අනාගත පරම්පරාව සඳහා පිරිසිදු ලෝකයක් ගොඩ නැංවීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම නිරන්තරයෙන් කැප වෙනවා.”යනුවෙනි.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  සියලු ම බලාගාර ආශ්‍රිත ජල පරිභෝජනය  අවම කිරීමට කටයුතු කරන අතර ම, සිය ඉදිරි ව්‍යාපෘතිවල ජල පරිභෝජනය අවම කිරීම පිළිබඳ ව ද අවධානය යොමු කර ඇති අතර, 2023 මූල්‍ය වර්ෂයේ දී අදානි ග්‍රීන් එනර්ජි සමාගම, ස්වාධීන ගෝලීය සහතික ප්‍රදානය කිරීමේ ආයතනයක් වන DNV වෙතින් ජල-ධනාත්මක සහතිකය (MW 200 ට වැඩි බලාගාර සඳහා) ලබා ගැනීමට සමත් විය.  එමෙන් ම ඉදිරි වසරවල දී, අදානි ග්‍රීන් එනර්ජි සමාගම ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් උසස් තාක්ෂණික ක්‍රමවේද සඳහා තවදුරටත් ආයෝජනය කරනු ඇත.