𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සිංගර් විසින් නවතම Sony උපාංග පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 

 4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි,  Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ  Sony සවුන්ඩ් බාර්ස් මාදිලි රැසක් මෙලෙස හඳුන්වා දුන් නව නිෂ්පාදන අතරට එක් වේ. 

මෙම නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටන අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු අතර, එය සිංගර් සහ  Sony  සමාජ මාධ්‍ය ගිණුම් තුළ, Chanux Bro ඇතුළු තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ විකාශනය වූයේ විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගනිමිනි. මෙම වැඩසහටහ තුළදී සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ  Chanux Bro විසින්  නවතම උපාංග පිළිබඳ පුළුල් විස්තරයක් නරඹන්නන් හට ලබා දුන්නේ, ප්‍රේක්ෂකයින්ට මෙම නවතම නිෂ්පාදන සහ ඒවායේ සුවිශේෂී විශේෂාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමිනි.

මෙම වැඩසටහන නැරඹීම සඳහා අන්තර්ජාලය හා එක්ව සිටි පිරිස සංගීතයෙන් පිණවීමට Sony  හි සන්නාම තානාපතිවරුන් මෙන්ම ජනප්‍රිය සංගීතඥයින් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් එක් විය. තවද නරඹන පිරිස විනෝදමත් කිරීමට ප්‍රසිද්ධ YouTube කලාකරුවන් ද්විත්වයක් වන  බ්ලොක් සහ ඩිනෝ ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආකර්ෂණයක් ඔවුන්ගේ වැඩසටහන සඳහා යොමු විය. 

මෙම වැඩසටහනට සහභාගී වූ සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පවසා සිටී. “පවතින සෞඛ්‍ය තත්වයන් පිළිබඳ සළකමින් සම්ප්‍රදායික නිෂ්පාදන දියත් කිරීමක් සිදු නොකර, ප්‍රේක්ෂකයින්ගේ සිත් පිනා යන විවිධ වැඩසටහන් රැසක් අන්තර්ගත කරමින් මෙම ඔන්ලයින් නිෂ්පාදන දියත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා.  සියලුම සෞඛ්‍ය විදිවිධාන වලට අනුකූලව පැවැත්වුණු මෙම වැඩසටහන හරහා ප්‍රේක්ෂකයින්ට ඉහළ රසාස්වාදය සමඟින් නවතම නිෂ්පාදන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමටද හැකි වුණා. සිංගර් සහ Sony අතර පවතිනුයේ දිගු කාලීන සම්බන්ධතාවයක්.  මෙම නවතම නිෂ්පාදන පෙළ පරිශීලකයින්ගේ විනෝදාස්වාද අවශ්‍යතා ඉතා ඉහළින්ම සපුරාලන බව සහතික කළ හැකි අතර, ඒවා අත්හදා බලන මෙන් අප පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටිනවා”.   

“Sony සන්නාමය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ හදවතට ඉතා සමීප සන්නාමයක්. Sony හි නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට ගෙනයාම සඳහා සිංගර් විශාල සහයෝගයක් ලබා දෙනවා. මෙවර නව මුහුණුවරකින් පැවැත්වුණු නිෂ්පාදන දියත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් නිම වූයේ ප්‍රේක්ෂකයින්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ගෙන එමින්.  මෙය සාර්ථක කර ගැනීම උදෙසා අපට අඛණ්ඩ සහයෝගය ලබා දුන්  සිංගර් හට ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා” Sony හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී ජස්ටින් වොන්ග් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය. 

නවතම 4K UHD X75H Android TV මාදීලීන් Sony හි signature tri-luminous ඩිස්ප්ලේ නරඹන්නා හට විචිත්‍රවත් වර්ණ සහ තියුණු රූප රාමු ලබා දේ. නවීන නිමාවක් සහ සුවිශේෂී විශේෂාංග රැසක් සමඟින් පැමිණෙන මෙම මාදිලියේ  KD- 55X75OOH රුපවාහිනිය දැන් දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් රුපියල් 179999.00 ක් වැනි මුදලකට දැන් මිලදී ගත හැකිය. 

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන නවතම Sony all-in-one audio systems අතරට MHC-V13D, MHC-V43D සහ  MHC-V83D එක් වේ. බ්ලූටූත් තාක්‍ෂණයෙන් බල ගැන්වූ මෙම  ප්‍රබල ශ්‍රව්‍ය පද්ධතිවල ප්‍රධාන විශේෂාංගය වන්නේ omnidirectional party sound, omnidirectional party light සහ speaker light ය.  රැගෙන යාමට පහසු corner protectors and castors ද සුවිශේෂී වේ. 

නවතම Sony 1000XM4 Active Noise Cancellation headphones ගෝලීයවද විශාල ඉල්ලුමක් සහිත හෙඩ්ෆෝන් වර්ගයකි. ඕනෑම පරිසරයකට ගැළපෙන අයුරින් ශබ්ධය ස්වයංක්‍රීවම හැඩගැස්වෙන adaptive sound control විශේෂාංගය මෙහි ප්‍රධාන විශේෂත්වයක් වන අතර, වඩාත් පැහැදිළි සංගීත අත්දැකීමක් ලබා ගැනීම සඳහා මෙය ඉතා වැදගත් වේ.  උසස් ගුණත්වයේ ශබ්ධ අත්දැකීමක් ලබා ගැනීම සඳහා මෙහි වූ DSEE Extreme සහ LDAC තාක්ෂණයද උපකාරී වේ.  Sony 1000XM4 Active Noise Cancellation හෙඩ්ෆෝන්ස්  රුපියල් 69999.00 ක මුදලකට දැන් මිලදී ගත හැකිය. 

සාම්ප්‍රදායික හෝම් තියටර් සඳහා විකල්පයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Sony advanced Sound Bars, Bass Reflex speakers, virtual surround sound තාක්ෂණය සහ  space saving design සමඟින් පැමිණේ.   HT-S100F, HT-S350, HT-G700 යන මාදිලි ත්‍රිත්වයකින් ළඟදීම දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර හරහා Sound Bars මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.