ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමයේ (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනයේ (Saegis Campus) සහයෝගීතාවෙන් ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයන පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව එළිදැක් වේ.
ජාත්‍යන්තර උත්සව ක්ෂේත්‍රය (Global Events Sector) තුළ පවත්නා සුවිශේෂී වෘත්තීය ඉල්ලුම සපුරාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනය (Saegis Campus) විසින් එක්සත් රාජධානියේ පියර්සන් (Pearson UK) ආයතනය සමඟ එක්ව “ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව” (Diploma in International Event Management & Marketing Studies) පසුගිය දා හඳුන්වා දෙන ලදී. මෙම හවුල්කාරිත්වය සඳහා සේජිස් උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා සහ උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් (විශ්‍රාමික) මහතා පෙරමුණ ගෙන කටයුතු කළ අතර එය දේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මහඟු තෝතැන්නක් වනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් උත්සව කළමනාකරණ සංගමයේ (EMA) සභාපති සාලිය වීරසේකර මහතා මෙසේ සඳහන් කළේය.”එකම පවුලක් ලෙස දිගු කාල පරිච්ඡේදයක් පුරා විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් අපගේ සංගමයට මෙවැනි වටිනා ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අපි නිහතමානිව සතුටු වෙනවා. ශාස්ත්‍රීය දැනුම සහ EMA සාමාජික සමාගම් හරහා ප්‍රායෝගික ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලැබෙන අත්දැකීම් අතර ඇති පරතරය අවම කිරීම සඳහා මෙම වැඩසටහන නිසැකවම ඉවහල් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් නිල අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කෙරුණු අතර, ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ ප්‍රථම සිසුන් හය දෙනා සඳහා බඳවා ගැනීමේ ලිපි ද මෙහිදී ප්‍රදානය කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.
අධ්‍යාපනික විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් දිනා සිටින සේජිස් උසස් අධ්‍යාපන ආයතනය රජයේ පිළිගත් උපාධි පිරිනමන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකී.සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි කොළඹ නගරය ආසන්නයේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය නවීන ඉගෙනුම් පහසුකම්වලින් සමන්විත මනරම් පරිසරයකින් සමන්විත වේ. දේශීය හා විදේශීය කර්මාන්ත අවශ්‍යතා හඳුනාගනිමින් ශිෂ්‍ය සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන සේජිස් උසස් අධ්‍යාපන ආයතනය විසින් ප්‍රායෝගික කුසලතා සහ සුන්දර අධ්‍යාපන ජීවිතයක් සමග නවීන උසස් අධ්‍යාපන අත්දැකීමක් පිරිනමනු ලබයි. උපායමාර්ගික දැක්මක් සමග සිය දක්ෂතාවන් වෘත්තීය ජයග්‍රහණ කරා මෙහෙයවිය හැකි අනාගත නායකයන් බිහි කිරීම සේජිස් උසස් අධ්‍යාපන ආයතනයේ මූලික අභිලාෂය වේ. තවද, නවීන චින්තනය සහ විවෘත සන්නිවේදනය වර්ධනය කරමින් අනාගත ලෝකය ජයගත හැකි බුද්ධිමත් ප්‍රජාවක් ලොවට දායාද කිරීම සඳහා සේජිස් උසස් අධ්‍යාපන ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි.


