𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Vietjet Air වෙතින් ජූලි Double Day විශේෂ දීමනාව හරහා ශ්‍රී ලාංකික සංචාරකයන්ට ඇමෙරිකානු ඩොලර් 90 සිට වියට්නාමයට ගුවන් ප්‍රවේශපත්‍ර

වියට්ජෙට් එයාර් මඟින්  ශ්‍රී ලාංකික සංචාරකයින් උදෙසා  ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී දීමනා රැසක් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙමගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට අඩු පිරිවැයක් සහිතව සිය මීළඟ සංචාරය සැලසුම් කිරීමට අවස්ථාව උදාවේ. මෙම විශේෂ දීමනා වැඩසටහන යටතේ කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් මාර්ගය සඳහා  වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව, SSALE77 කේතය භාවිත කිරීමෙන් Deluxe සහ SkyBoss ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තු සඳහා 20%ක වට්ටමක් ද හිමි වනු ඇති අතර මේ හරහා වියට්නාමයේ දේශීය ගුවන් ගමන් සහ අනෙකුත් ජාත්‍යන්තර ගුවන් මාර්ග සඳහා ද මෙම වට්ටම් ලබා ගත හැකිය.

2026 අගෝස්තු 18 වන දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත අතර ඊට සති කිහිපයකට පෙර මෙම විශේෂ මිල අඩු කිරීම් හඳුන්වා දී තිබේ . මෙම නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) ලෙස ක්‍රියාත්මක වේ. දළ වශයෙන් පැය පහක පියාසර කාලයකින් සමන්විත මෙම නව ගුවන් සේවාව, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයට පහසුවෙන් ළඟාවීමට මෙන්ම ආසියාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා විහිදුණු පුළුල් ගුවන් ජාලය සමඟ සම්බන්ධ වීමට ද කදිම අවස්ථාවක් වනු ඇත.

මෙම දීමනාව වලංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 2027 මාර්තු 31 දක්වා කාලය තුළ සිදුකරන සංචාර සඳහා පමණි. (රජයේ නිවාඩු දින සහ කාර්යබහුල සංචාරක කාලසීමාවන් මීට ඇතුළත් නොවේ). මෙම ප්‍රවේශපත්‍ර මේ වන විට වියට්ජෙට් එයාර් හි නිල වෙබ් අඩවිය, වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම, ප්‍රවේශපත්‍ර කාර්යාල හරහා වෙන්කරවා ගැනීමේ හැකියාව පවතින අතර Premium ගාස්තු සඳහා වන 20% වට්ටම වියට්ජෙට්හි සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි නියෝජිතයන් හරහා ලබා ගත හැකිය.

මීට අමතරව, සංචාරකයින්ට වියට්නාමය තුළ බහු-නැවතුම් සංචාරයක් (multi-stop journey) සැලසුම් කිරීමට වඩාත් පහසු කරවමින්, වියට්ජෙට්  විසින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කර ඇති අතර වියට්නාමයේ තෝරාගත් දේශීය ගුවන් මාර්ගවල Eco ගාස්තු සඳහා ද එම විශේෂ වට්ටම හිමි වනු ඇත.

කෙටි නිවාඩුවක්, සංස්කෘතික චාරිකාවක් හෝ ව්‍යාපාරික සංචාරයක් සැලසුම් කරන ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්ජෙට් ජූලි Double Day දීමනාව හරහා ඉතා සහනදායි මිලකට ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය. මෙම සුවිෂේ මිල අඩු කිරීම්වලට අමතරව Deluxe ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට සහනදායි හැකි මිලක් සමඟ නම්‍යශීලී සේවාවක් ලබා දෙන අතර, ඊට 20kg දක්වා නොමිලේ රැගෙන යා හැකි ගමන් මලු, නොමිලේ අසුන් වෙන්කරවා ගැනීම සහ ගුවන් ගමන් සැලසුම් වෙනස් කිරීමේ පහසුකම  ද මීට ඇතුළත් වේ. (කොන්දේසි සහිතයි). වඩාත් ඉහළ මට්ටමේ ගුවන් ගමන් අත්දැකීමක් ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් උදෙසා SkyBoss ප්‍රවේශපත්‍ර මඟින් ප්‍රිමියම් සේවාවන්, සුහදශීලී ආගන්තුක සත්කාර, විශේෂයෙන් සකස් කරන ලද ආහාර වේල් ඇතුළු සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් රැසක් මෙමගින් හිමිවනු ලබයි.

වියට්ජෙට්හි, ව්‍යාප්ත වෙමින් පවතින ගුවන් ගමන් ජාලය, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ගුවන් යානා සහ වඩාත් සහනදායි පාරිභෝගික සේවාවන් සහ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි අත්දැකීමක් බවට පත් කිරීමට වියට්ජෙට් සමාගම අඛණ්ඩව කැපවී සිටියි. සෑම ගුවන් ගමනකදීම මගීන්ට ආරක්ෂිත, සුවපහසුව සහ ප්‍රියජනක සංචාරක අත්දැකීමක් ලබාදීම වියට්ජෙට් සමාගමේ ප්‍රධානම අරමුණයි. එමෙන්ම මෙම නව ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් යානය තුළදීම වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho) සහ ‘බාන් මී’ (Banh Mi) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර, ඒවා ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබයි. විශේෂ අවස්ථාවන්හිදී ගුවන් යානය තුළ ඉදිරිපත් කෙරෙන සුවිශේෂී සංස්කෘතික සංදර්ශන ගුවන් ගමන් මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.

උපුටා ගැනීම : අද දෙරණ