𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

තායිලන්තයේ රැකියාවලට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුම් දෙකක්

ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡාවලදී ශ්‍රම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස එකඟතාවකට එළඹ ඇත.

යෝජිත ගිවිසුම්වලට අත්සන් තැබීම මඟින් ශ්‍රම ක්ෂේත්‍රය තුළ දෙරටේ නිසි බලධාරින් අතර නිල සහයෝගිතාව ස්ථාපිත කිරීම, මෙරට ශ්‍රමිකයින් තායිලන්තයට යැවීම සහ ගෙන්වා ගැනීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තායිලන්තයේ රැකියාවල නියුක්ත මෙරට ශ්‍රමිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, වසර 05ක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ