𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම පහසු කුරියර් සේවාව මඟින් පාරිභෝගිකයින්ට ගමන් වියදමකින් සහ සිය කාලය දිගු පෝලිම් වල ගත කිරීමකින් තොරව, ජංගම දුරකථනයන් පහසුවෙන් අළුත්වැඩියා කරගැනීමේ අවස්ථාව හිමි වේ. 

මෙම නව සේවාව පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පවසා සිටී.  “Huawei සමාගම සිය සේවාවන් දියත් කිරීමේදී පාරිභෝගිකයාගේ පහසුව සහ ඔවුන්ගේ සේවා තෘප්තිය වැදගත් කොට සලකයි. පාරිභෝගිකයාට උසස්ම තාක්ෂණික අත්දැකීමක් හිමි කර දීමේ ප්‍රමුඛ අරමුණින් ක්‍රියා කරන Huawei ආයතනය හඳුන්වා දුන් මෙම නවතම කුරියර් සේවාව පරිශීලකන්ගේ කාර්යබහුල ජීවන රටාව තවත් සරළ කර ඇතැයි කිව හැකිය.  මෙම නව සේවාව තුළින් ඉහළ පළපුරුද්දක් ඇති සිය තාක්ෂණික කණ්ඩායම හරහා පරිශීලකයින්ගේ ජංගම දුරකථන අවම කාලයක් තුළ අළුත්වැඩියා කර ගැනීමේ හැකියාව හිමි වන අතර මෙම විශ්වාසවන්ත සේවාව අත්විඳින මෙන් සියලුම Huawei පාරිභෝගිකයින්ට මම ආරාධනා කර සිටිනවා”  

මෙම සේවාව මඟින් වගකීම් කාල සීමාව යටතේ ඇති උපාංග (devices under the warranty period) සඳහා නොමිලයේම අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකර ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවන අතර,  වගකීම් කාල සීමාව අවසන් වූ උපාංගයන් සඳහා අවම පිරිවැයකින් අළුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමේ අවස්ථාව හිමි වේ.  තවද ඉතාමත් අඩු මිලකට ජංගම දුරකථනය සඳහා අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමේ හැකියාවද මෙම සේවාව හරහා හිමි වන අතර  අලුත්වැඩියාව සඳහා ලබා දෙන දුරකථනයන්හි තත්ත්වය පිළිබඳ සේවා මධ්‍යස්ථානය විසින් පාරිභෝගිකයා නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත.

පාරිභෝගිකයින්ට අවශ්‍ය ස්ථානයකින් ජංගම උපාංග භාර දීම සඳහා 011-2423017 Huawei ඇමතුම් මධ්‍යස්ථානය අමතා මෙම සේවාව වෙත පිවිසිය හැකිය. කුරියර් සමාගම පාරිභෝගිකයා සමඟ සම්බන්ධ වී පරිශීලක තොරතුරු, ලිපිනය, උපාංග අනුක්‍රමික අංකය / IMEI අංකය සහ අවශ්‍ය සේවාව පිළිබඳ විස්තර ලබාගනී.මෙහිදී  උපාංගයට රැගෙන යාමේදී සිදුවන හානි වැළක්වීම සඳහා දෝෂ සහිත දුරකථනය ආරක්ෂිතව ඇසුරුම් කර භාරදෙන මෙන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.  සියලුම අලුත්වැඩියාවන් අවසන් වූ පසු පරිශීලකයා ලබා දුන් ලිපිනය වෙත නැවත උපාංගය ආරක්ෂිතව රැගෙන ඒම මෙම සේවාව හරහා සිදු වේ.