𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

realme, Daraz.lk සමඟ හවුල්කරිත්වයකට – realme ස්මාර්ට් ජංගම දුරකතනය Daraz.lk හි හොඳම අලෙවියන් තුන අතරටත්

තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය, realme  Daraz.lk  සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme,  ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සිය විකුණුම් සංවර්ධනය කිරීම සඳහා Daraz.lk  සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 24 වන දින නිල වශයෙන් අත්සන් කරණ ලදී.මෙය ශ්‍රී ලංකාවේ විශාලතම සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk  පවත්වන ලද ‘Daraz Million Desires’හි තෙවන ස්ථානයට පැමිණීම සනිටුහන් කිරීමක් ද විය.

මෙහිදී සිය අදහස් දක්වමින් realme හි අලෙවිකරණ අංශ ප්‍රධානී ෂෝන් යාන් මහතා මෙසේ පැවසීය “ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk  හි අපගේ වෙළඳ නාමය මොබයිල් සහ ටැබ්ලට් සන්නාමයන්හි ඉහළම ස්ථාන තුන අතරට ඇතුළත් වී තිබෙන අතර, realme  මේ වනවිට ශ්‍රී ලංකාවේ  ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳපොලේ සුවිශේෂී ස්ථානයක්  උසුලන බව මාගේ අදහසයි”

ලොව වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය බවට පත් වූ ආකාරයටම අන්තරජාල වෙළඳපොල  තුලද එම ස්ථානය අත්පත් කර ගැනීමට realme  අපේක්ෂා කරයි. Daraz.lk හි හොදින් ස්ථාපිත e-Commerce ව්‍යුහය සහ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ව්‍යාප්තිය තුලින් මෙම කර්තව්‍ය සාර්ථක වෙතැයි realme බලාපොරොත්තු වෙයි. 

realme  යනු තාරුණ්‍යය ඉලක්ක කරගත් ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන අතර ඔවුන්ගේ මුල්ම ආගමනයෙන් අවුරුදු තුනක් ඇතුලත ගෝලීය වෙළදපලවල් 61කට ඇතුළු වීමට  ඔවුන්ට හැකියාව ලැබුණි. realme ආරම්භ කරන ලද්දේ 2018 දී ජංගම දුරකථන සන්නාම  200 කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොලේ තිබියදීය. මේ සියල්ල නොතකා වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය  බවට ඔවුන් පත්ව ඇත. 2018 දී  “Dare to Leap” යන සංකල්පය යටතේ වෙළඳපලට අවතීර්ණ වූ ඔවුන් සිය සන්නාමයන්හි විශාල තාක්‍ෂණික වෙනසක් ඇති බව පෙන්නුම් කරන ලදී. අවුරුදු තුනක් ඇතුලත් realme ලොව 7 වන විශාලතම ස්මාර්ට්ෆෝන් සමාගම බවට පත්විය. Counterpoint Research විසින් ගෝලීය 5G ස්මාර්ට් ජංගම දුරකතන අලෙවියේ වේගයෙන් වර්ධනය වන අලෙවිකරුවා ලෙස realme  නම් කරන ලදී.

realme අද වන විට මිලියන 85 කට අධික පාරිභෝගිකයන්  සංඛ්‍යාවක් සිටින ලොව 7 වන විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන  අලෙවිකරුවා බවට පත්ව ඇත. තරුණ පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට අනුකූල වන පරිදි ඉහළ කාර්යසාධනයක් සහිත, ආකර්ෂණීය ස්මාර්ට් ජංගම දුරකතන සහ AIoT නිෂ්පාදන හඳුන්වා දීමෙන් ස්මාර්ට් ජංගම දුරකතන කර්මාන්තයේ පෙර නොවූ විරූ වේගයකින්  විශාල වර්ධනයක් අත්කර ගෙන තිබේ.  විවිධ වෙළඳපලවල ප්‍රමුඛ පෙළේ ඊ-වාණිජ්‍ය සමාගම් සමඟ හවුල් වීමෙන් realme මේ වනවිට ගෝලීය වෙළඳපල තුල සුවිශේෂී ස්ථානයක් උසුලයි.

ශ්‍රී ලංකාව පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මියන්මාරය, Daraz  (අලිබබා සමූහය) යන දකුණු ආසියානු වෙළෙඳපොළ පහක ක්‍රියාත්මක වීමත් සමඟ මිලියන 500 ක ජනගහනයකට ප්‍රවේශ වීමට realme  වෙත හැකියාව ලැබී ඇත. Daraz.lk සතුව හොදින් ස්ථාපිත e-Commerce ව්‍යුහය  පමණක් නොව, හොඳින් විහිදුනු සැපයුම් ජාලයක්ද පවතින අතර  එමඟින් realme හට  තම නිෂ්පාදන පාරිභෝගිකයින්ට වේගයෙන් හා විශ්වාසයෙන් යුතුව ලබා දිය හැකිය. realme සහ Daraz.lk අතර ඇති මෙම සහයෝගිතාවය දේශීය පාරිභෝගිකයින්ට ආර්ථිකමය හා පහසු සාප්පු සවාරියක් ලබා දී ඇති අතර එහි ප්‍රතිපලයක්  ලෙස විකුණුම් කාර්ය සාධනය ද ශක්තිමත් වී ඇත. පසුගිය වසරේ Daraz.lk හි පැවැත්වුණු  11.11 සුපිරි විකුණුම් අවස්ථාවේ දී realme  මොබයිල් සහ ටැබ්ලට්, ශ්‍රව්‍ය සහ පැළඳිය හැකි කාණ්ඩවල පළමු ස්ථානයට පත්විය.

මේ පිළිබඳව  තවදුරටත් අදහස් දක්වමින් realme හි e-Commerce අංශ ප්‍රධානී, SEA & SA ටෝනි ලින් මහතා මෙසේ පැවසීය “realme  යනු ගෝලීයව සහ දේශීයව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයයි. අප නියෝජනය කරන වෙළඳපොළ. අපගේ ප්‍රධාන ඉලක්ක වෙළඳපල Gen-Z වලින් සමන්විත වන අතර පහසුව සහ  හිතකර මිලකරණය හේතුවෙන් ඔවුන්  අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට නැඹුරු වී ඇත. Daraz.lk  සමඟ එක්ව realme  සිය ස්මාර්ට් ජංගම දුරකතන සහ AIoT නිෂ්පාදන  වැඩි ප්‍රමාණයක් බංගලාදේශයට ගෙන ඒමට නියමිතය. ”

“විශේෂයෙන් තරුණ පාරිභෝගිකයින්  ඉලක්ක කර ගනිමින් දකුණු ආසියාව තුළ e-Commerce  විසින් ලබා දෙන පූර්ණ පරාසයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් realme  කටයුතු කරනු දැකීම සතුටට කරුණක්. මෙම හවුල්කාරිත්වය  විකුණුම් උත්පාදනය කිරීම සඳහාම පමණක් නොව, අන්තර්ජාලය හරහා වෙළඳ සන්නමයක්  ගොඩනඟා ගැනීම උදෙසා ද වේ.කලාපය තුල  ප්‍රමුඛ පෙළේ මොබයිල් සහ ඉලෙක්ට්‍රොනික් සන්නාමයක් බවට පත්වීමේ මෙහෙවරේ සාර්ථකත්වයක් realme විසින්  දැනටමත් අත්පත් කරගෙන සිටිනු දැකීම සතුටක්. මෙම අඛණ්ඩ සහයෝගීතාවය තුලින් අපි හව තවත්  ඉහළ මට්ටමකට ළඟා වීමට සුබවාදීව සිටින්නෙමු” Daraz  සමූහයේ ප්‍රධාන වාණිජ නිලධාරි ජෑන් පිලිප් පොයිටර් මහතා මෙසේ අදහස් දැක්වීය.

Daraz.lk  සමඟ ඇති මෙම හවුල්කාරිත්වය, e-Commerce  පිළිබඳව  realme සතු කැපවීම සහ  තරුණ පාරිභෝගිකයින්ට වඩාත් ප්‍රවේශ විය හැකි නවීන තාක්‍ෂණය සහ නිෂ්පාදන ලබා දීමට ඇති හැකියාව වර්ධනය කරයි. 2024 වන විට 5G දුරකථන මිලියන 100 ක් ලබා දීමේ අරමුණින් realme ඔවුන්ගේ  5G නිෂ්පාදනවල විවිධ වෙනස්කම් සිදු කරමින් සිටී. realme  විසින් Daraz.lk හරහා තරුණ පාරිභෝගිකයින්ට වැඩි වශයෙන් AIoT නිෂ්පාදන ගෙන එනු ඇත. realme  සිය උසස් ‘1 + 5 + T’ උපාය මාර්ගයේ  AIoT 2.0 සංවර්ධන අදියරට පිවිස ඇත. 1 ස්මාර්ට් ජංගම දුරකථනයක් තුලින් realme හි  AIoT නිෂ්පාදන සඳහා ප්‍රධාන කාණ්ඩ 5 ක්, True Wireless Stereo (TWS), Wearables, TV, Laptops, tablet හදුන්වා දීම සිදු කරයි.මෙහි  T  යනු TechLife යන්නයි.

realme  වෙතින් මෙම නවතම නිවේදනය පැමිණෙන්නේ 2021 Daraz  ඉලෙක්ට්‍රොනික් සතියෙන් පසුව වන අතර එය Daraz හි විශාලතම  ඉලෙක්ට්‍රොනික් අලෙවියයි. realme  දැනට පවතින Daraz ඉලෙක්ට්‍රොනික් සතිය තුළ අන්තර්ජාල අලෙවියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර පසුගිය වසර 6 තුළ  ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා ඇති ඉහළම විකුණුම් ද ලබා ඇත.