𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කාගිල්ස් කොටස් ගනුදෙනුවෙන් අද පිරිවැටුම රු. බිලියන 3 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (21) දිනයේ දී පහළ යාමක් වාර්තා කළ ද පසුගිය දිනවලට සාපේක්ෂව දෛනික පිරිවැටුමෙහි වාර්තාගත ඉහළ යාමක් දිනය තුළ නිරීක්ෂණය විය.

ඒ අනුව අද (21) දිනයේ දී රු. බිලියන 3.27ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙන් වාර්තා වූ රු. බිලියන 2.26ක ගිවිසාගනු ලැබූ ගනුදෙනු ඊට ඉහළම දායකත්වය ලබා දෙන ලදී. මීට අමතරව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු තුළින් ද රු. මිලියන 62ක වටිනාකමකින් යුතු කාගිල්ස් (සිලෝන්) කොටස් හුවමාරු වී තිබුණු අතර ඒ අනුව අද දිනයේ දී සමස්තයක් ලෙසින් කාගිල්ස් (සිලෝන්) සමාගමේ රු. බිලියන 2.88ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබුණි.

මීට අමතරව දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය මෙල්ස්ටාකෝප් සමාගමෙන් ලැබී තිබුණු අතර රු. මිලියන 181ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් එහිදී ගනුදෙනු වී තිබුණි.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.37ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 21,145.73ක් ලෙසින් සටහන් විය. S&P SL20 දර්ශකය ඒකක 1.79කින් ඉහළ ගොස් ඒකක 5,945.01ක් ලෙසින් සටහන්ව තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ