𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජූලි මුල් භාගයේ දී දෛනික සංචාරක පැමිණීමෙහි වර්ධනයක්

2026 ජූලි මාසයේ මුල් දින 19 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 118,935ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දේ.

මේ අනුව ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීමෙහි සාමාන්‍ය 6,260ක් ලෙසින් සටහන් වන අතර එය මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මාර්තු (5,935), අප්‍රේල් (4,251), මැයි (4,858) සහ ජූනි (4,152) මාසවල වාර්තා වූ දෛනික සංචාරක පැමිණීමෙහි සාමාන්‍යයට වඩා ඉහළ අගයයක් ගෙන තිබීම සුවිශේෂී වේ.

ජූලි මාසයේ මුල් දින 19 තුළ දී දෛනිකව 7,000 ඉක්මවා සංචාරකයින් පැමිණි දින 3ක් වාර්තා වන අතර 6,000 – 7,000 අතර සංචාරකයින් පැමිණි දින 11ක් වාර්තා වේ. 5,000ට අඩු සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ එක් දිනයක පමණි. ජූනි මාසයේ දින 30න් දින 13කදීම දෛනික සංචාරක පැමිණීම 4,000 මට්ටමෙන් පහළට පැමිණ තිබුණි.

ජූලි මාසයේ මේ දක්වා පැමිණි සංචාරකයින්ගෙන් 23%ක් ඉන්දියාවෙන් 10%ක් එක්සත් රාජධානියනේ, චීනයෙන් හා නෙදර්ලන්තයෙන් 6% බැගින් සහ ඔස්ට්‍රේලියාවෙන් සහ ප්‍රංශයෙන් 5% බැගින් පැමිණ තිබේ.

මේ පිළිබඳ සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ