𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට, ශ්‍රී ලංකාවේ SUV රථ අතරින් AVATR 07 හි ඇති  ඉහළම TOPS අගය වන 100 TOPS දක්වා වූ AI පරිගණක සැකසුම් හැකියාවන් පිරිනමනු ලබයි.

TOPS (Trillion Operations Per Second) පාරිභෝගිකයන්ට වාහනයක පරිගණක හැකියාව වටහා ගැනීමට ඇති එක් ක්‍රමයක් වේ. TOPS මගින් පරිගණක පද්ධතියක න්‍යායික AI සැකසුම් හැකියාව (AI processing capability) පෙන්නුම් කරන අතර, එයින් අදහස් වන්නේ එම පද්ධතියට තත්පරයක දී න්‍යායාත්මකව මෙහෙයුම් ට්‍රිලියන කොපමණ සංඛ්‍යාවක් සිදු කළ හැකිද යන්නයි. මෙම අගය  පද්ධතියේ පරිගණක සැකැස්ම පදනම්ව ගනණය කරනු ලබයි. එනම් TOPS = AI පරිගණක අගය (AI compute cores) × එක් ඔරලෝසු චක්‍රයකට සිදු කරන මෙහෙයුම් ගණන × ඔරලෝසු සංඛ්‍යාතය වේ.

වර්තමානයේ දී වාහන මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, පරිගණක සැකසුම් හැකියාව වාහනයක ක්‍රියාකාරීත්වය තුළ වැදගත් අංගයක් බවට පත්වෙමින් ඇත. වාහනයේ පරිගණක වේදිකාව එහි “මොළය” ලෙස සැලකිය හැකි අතර, එය කැමරා සහ වෙනත් සංවේදකවලින් ලැබෙන තොරතුරු සැකසීමට මෙන්ම, බුද්ධිමත් ක්‍රියාකාරීත්වයන්, උසස් රියදුරු සහායක පද්ධති (ADAS) සහ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ විශේෂාංග සඳහා සහාය වීමට ද කටයුතු කරයි.

මෘදුකාංග භාවිතා කළ වාහනයක (Software-Defined Vehicle) ඇති පරිගණක වේදිකාව (computer platform) එම වාහනයට බුද්ධිමත්ව ක්‍රියා කිරීමේ පදනම සපයන අතර, එය ස්මාර්ට්ෆෝන් එකක ඇති ප්‍රොසෙසරය මගින් යෙදවුම් ක්‍රියා කරවීම, තොරතුරු සැකසීම සහ අලුත් විශේෂාංග සක්‍රීය කිරීම සිදුකරන ආකාරයටම සමාන වේ. අශ්වබල, බැටරි ධාරිතාව, ත්වරණය, ධාවන පරාසය සහ ආරෝපණ හැකියාව වැනි වඩාත් හුරුපුරුදු ලක්ෂණ සමඟින් පාරිභෝගිකයන්ට අනාගත පරම්පරාවේ වාහන තක්සේරු කළ හැකි ආකාරයෙහි වෙනසක් මෙය නියෝජනය කරයි.

Evolution Auto හි ප්‍රකාශක නුරාන් සිල්වා මහතා “මෝටර් රථ ක්ෂේත්‍රය, මූලික වශයෙන් යාන්ත්‍රික පද්ධති මත පදනම් වූ වාහනවල සිට මෘදුකාංග සහ පරිගණක තාක්ෂණය ප්‍රධාන අංගයක් බවට පත්වන වාහන දක්වා පරිවර්තනය වෙමින් පවතී. මෙයින් අදහස් වන්නේ, මීට පෙර මෝටර් රථ මිලදී ගැනීමේ දී සාකච්ඡාවට ලක් නොවූ TOPS වැනි තාක්ෂණික දත්ත සහ මිනුම් පිළිබඳව පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට සිදුවන බවයි. XPENG L03 හි ඇති 48 TOPS සිට AVATR 07 හි ඇති 100 TOPS දක්වා විහිදෙන අපගේ නිෂ්පාදන පෙළ, නව පරපුරේ වාහන සතු පරිගණක සැකසුම් හැකියාවන් මනාව නිරූපණය කරයි. මෙම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අමතරව, ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන මෙම පරිවර්තනයත් සමඟ පාරිභෝගිකයන්ට වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකි වන පරිදි ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම ද අපගේ වගකීමක් ලෙස අපි විශ්වාස කරමු” යනුවෙන් සිය අදහස් දැක්වීය.

AI අනුමාන ක්‍රියාවලිය සඳහා TOPS අගය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ INT8 නිරවද්‍යතාවය භාවිතයෙන් වන අතර, එය උපරිම න්‍යායික සැකසුම් ධාරිතාව මත පදනම් වේ. කෙසේ වෙතත්, ඉහළ TOPS අගයක් තිබීමෙන් පමණක් වාහනයක සැබෑ ක්‍රියාකාරීත්වය වඩා හොඳ වනු ඇතැයි අදහස් නොකෙරෙයි. පරිගණක ධාරිතාව භාවිත කෙරෙන ආකාරය, මෘදුකාංග ප්‍රශස්තකරණය, සංවේදක සැකැස්ම, තාප කළමනාකරණය සහ සමස්ත පරිගණක වේදිකාව වැනි සාධක මත රඳා පවතී.

වාහන සැකැස්ම පරිණාමය වීමත් සමඟ මෙම වෙනස වඩාත් වැදගත් වී ඇත. සාම්ප්‍රදායික වාහනවල විවිධ පද්ධති පාලනය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික පාලන ඒකක (ECUs) විශාල සංඛ්‍යාවක් භාවිතා කරයි. මෘදුකාංග මගින් භාවිතා වන වාහන තුළ වඩාත් කේන්ද්‍රගත පරිගණක සැකසුම් ක්‍රමවේදයන් භාවිතයට ගැනෙන අතර, එමගින් වාහනවල ක්‍රියාකාරීත්වය සහ සංවර්ධනය කෙරෙහි මෘදුකාංග සහ පරිගණක තාක්ෂණික හැකියාවන්ගේ බලපෑම ඉහළ නැංවීමට හැකි වී ඇත.

බැටරි ධාරිතාව, ධාවන පරාසය සහ ආරෝපණ පහසුකම් තවමත් අතිශය වැදගත් වුවද, වාහනයක පරිගණක හැකියාව, කෘතිම බුද්ධිය (AI), උසස් රියදුරු සහායක පද්ධති (ADAS), සංවේදක ඒකාබද්ධතාව, මෘදුකාංග සැකැස්ම සහ ‘Over-the-Air’ (OTA) තාක්ෂණික හැකියාවන් වැනි කරුණු ද ගැනුම්කරුවන්ට සැලකිල්ලට ගත හැකිය. මන්ද, වාහනය කොතරම් බුද්ධිමත්ව ක්‍රියාත්මක විය හැකි ද යන්න සහ කාලයත් සමඟ එහි තාක්ෂණය වෙනස් විය හැකි ආකාරය කෙරෙහි මේ සියල්ල බලපාන බැවිනි.

Evolution Auto හි වාහන එකතුව මෙම සංවර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රය සඳහා යොමුවක් ලබා දෙන අතර, එහි අනාගත පරම්පරාවේ වාහන මඟින් ලබා ගත හැකි AI පරිගණක හැකියාවන් පරාසය පිළිබඳ පැහැදිලි දැක්මක් පාරිභෝගිකයන්ට ලබා දෙයි.

සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් (ICE) සහිත වාහනවල සිට විද්‍යුත් වාහන (EVs) වෙත මාරු වන පාරිභෝගිකයන් සඳහා මෙය වාහන තාක්ෂණය පිළිබඳ පුළුල් දෘෂ්ටිකෝණයක් නියෝජනය කරයි. මේ වන විට වාහනයක් මිලදී ගැනීමේ තීරණවල දී, එහි බලශක්ති උත්පාදන පද්ධතියට අමතරව වාහනයේ ඩිජිටල් සහ පරිගණක සැකැස්ම ද සැලකිල්ලට ගනු ලබයි.

මෘදුකාංග භාවිතා කළ වාහන ජනප්‍රිය වීමත් සමඟ, වාහන අත්පොතක (brochure) දැක්වෙන සාම්ප්‍රදායික ලක්ෂණ වලට අමතරව තවත් කරුණු රැසක් පිළිබඳව සැලකිලිමත් වීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇත. විදුලි වාහනයක (EV) පරිගණක හැකියාව, මෘදුකාංග සහ බුද්ධිමත් පද්ධති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මගින්, එම වාහනයේ වත්මන් හැකියාවන් සහ අනාගතයේ දී සිදුවිය හැකි තාක්ෂණික දියුණුව පිළිබඳ පුළුල් දැක්මක් ලබා ගත හැකිය.

මෝටර් රථයේ අනාගතය විදුලියෙන් ක්‍රියාත්මක වීම පමණක් නොව එය මෘදුකාංග මගින් හැඩගැන්වෙන, බුද්ධිමත් සහ කාලයත් සමඟ පරිණාමය වීමට හැකි අයුරින් නිර්මාණය වූවකි.

වැඩි විස්තර සඳහා www.evolutionauto.lk වෙත පිවිසෙන්න හෝ 0777 553 355 අංකය අමතන්න.