𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Latest post

2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි

ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත…

ශ්‍රී ලංකාවට එන ඉන්ඩිගෝ ප්‍රධාන ගුවන් ගමන් යළි ඇරඹෙයි

ඉන්දියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය, ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ. එමඟින් අසල්වැසි රටවල් දෙක අතර දේශසීමා හරහා…

Sinhala

Hayleys Mobility සහ Siyapatha Finance හවුල්කාරීත්වයෙන් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් රැසක්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා…

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate…

Sinhala

මාස 04කට පසු විදේශීය ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක්

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද…

ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද දියත් කෙරේ

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දී ඇති කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත…

Sinhala

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions)…

2027 මාර්තු මාසයෙන් පසු IMF නැද්ද? – මහ බැංකු අධිපති මෙසේ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන එළඹෙන 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ එකඟවන්නේ ද, නැතහොත් මූල්‍ය අරමුදලේ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ…

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ – මහ බැංකුව

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි….

දිට්වා නිසා හානියට පත් මාර්ග නැවත ඉදිකිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කර ඇත. ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association) අර්බුද ප්‍රතිචාර කවුළුව…