𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම 2023-2024 Huawei ICT ගෝලීය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි

මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක්  Huawei ආසියා-පැසිෆික් කලාපයේ අවසන් මහ තරඟය සඳහා සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර එබැවින් නිසැකවම එය  ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් අවස්ථාවක් වේ.

2024 කලාපීය Huawei ICT තරඟාවලියේදී Cloud Track හි සුවිශේෂී කුසලතාවන් රැසක් මෙන්ම ප්‍රවීණත්වයක් ප්‍රදර්ශනය කිරීමට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් අවසන් මහ තරඟයට සහ සම්මාන ප්‍රදානෝත්සවයට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම කණ්ඩායමට අදාළ අවසන් ශ්‍රේණිගත කිරීම සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Huawei Enterprise Business Group හි උප සභාපති Ni Xiaopeng මහතා විසින් ආසියා-පැසිෆික් කලාපීය අවසන් තරඟයට සහභාගි වීමේ අවස්ථාව මොරටුව විශ්වවිද්‍යාල‍යේ කණ්ඩායම වෙත හිමිවීම පිළිබඳ ඔහුගේ ප්‍රසාදය ප්‍රකාශ කළ අතර මෙම ජයග්‍රහණය විශ්වවිද්‍යාල සිසුන්ගේ, ආචාර්ය මණ්ඩලයේ  සහ පුළුල් අධ්‍යාපනික පරිසර පද්ධතියේ සහයෝගීතාවය පිළිබඳ මනා සාක්ෂියක් බව ඔහු මෙහිදී අවධාරණය කරන ලදී . තවද,  සිසුන් විසින් ප්‍රදර්ශනය කරන ලද සුවිශේෂී දක්ෂතාවන් සහ  ඔවුන්ගේ  කැපවීම පිළිබඳ මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව විසින් ලබාදෙන  අධ්‍යාපන උපකාරක පරිසරය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් Ni Xiaopeng මහතා, ශ්‍රී ලංකාවේ සහ බාහිර කලාපයන්හි දක්ෂතා සහ නවෝත්පාදනයන්  පෝෂණය කිරීමට Huawei දක්වන කැපවීම අවධාරණය කළ අතර සිසුන්ට  තරඟ කිරීමට, සිය අදහස් හුවමාරු කර ගැනීමට සහ ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතා  ඉහළ නැංවීමට මනා පිටිවහලක් ලබාදෙන ජාත්‍යන්තර වේදිකාවක් ලෙස Huawei ICT තරඟයේ වැදගත්කම ද  පැහැදිලි කළේය. මනා තරඟකාරිත්වය සහ අදහස් හුවමාරු කර ගැනීම හරහා, නව තාක්ෂණය සහ විවිධ වේදිකා යොදාගනිමින් නවෝත්පාදන කටයුතුවල නිරත වීමට සිසුන් සවිබල ගන්වනු ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම විසින් දිනාගෙන ඇති මෙම ජයග්‍රහණයන් ඔස්සේ සිසුන්ගේ කැපී පෙනෙන දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සහ මෙරට අධ්‍යාපන ක්‍රමවේදය තුළින් පෝෂණය කරන ලද උපකාරක අධ්‍යාපන පරිසරය මැනවින් විදහා දැක්වෙන අතර Huawei විසින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය  ඉතා ඉහළින් සමරනු ලැබේ.