𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Groundworth හෝමාගම දී “Legado” එළිදක්වයි

Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත වේගයෙන් වර්ධනය වන උපනගරයක් වන හෝමාගම පිහිටි Legado, උපායමාර්ගික ස්ථානයක් වගේම පහසු සම්බන්ධතා සහ දිගුකාලීන වටිනාකම එකට එක් කරන ව්‍යාපෘතියකි. එය අද පමණක් නොව, අනාගත පරම්පරාවන් සඳහා ද සැලසුම් කළ සංවර්ධනයක් ලෙස හඳුන්වා දිය හැකිය. පවුල්, වෘත්තීයවේදීන් සහ ආයෝජකයන් සඳහා මෙය විශේෂයෙන් සැලසුම් කර ඇත.

කොට්ටාව අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර් 4.5ක් සහ හෝමාගම හන්දියේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි Legado, වේගයෙන් වර්ධනය වන නේවාසික හා වාණිජ කලාපයක පිහිටා ඇති බැවින් High-Level Road සහ Southern Expressway හරහා කොළඹට පහසු ප්‍රවේශයක් ලබා දෙයි. දියගම මාර්ගයේ සිට මීටර් 400ක දුරින් පිහිටීම නිසා පහසු ගමනාගමනයක් ද  සපයයි. Medihelp රෝහල කිලෝමීටර් 3ක්, මූලික රෝහල කිලෝමීටර් 4ක් ද ප්‍රමුඛ ජාත්‍යන්තර සහ රජයේ පාසල් සහ Cargills Food City කිලෝමීටර් 1ක් ද ඇතුළත පිහිටීම මෙන්ම ආසන්නයේ පිහිටි ආපනශාලා සහ කැෆේ රැසක් මෙහි අවට පවතින පහසුකම් අතරට අයත් වේ.

Legado ව්‍යාපෘතියේ ඇත්තේ පර්චස් 10 බැගින් වූ උසස් තත්ත්වයේ ඉඩම් කොටස් අටක් පමණක් වන අතර, එය දිගුකාලීන ආයෝජනයකට හෝ නේවාසික භාවිතයට ඉතා සුදුසු වේ. මෙම ව්‍යාපෘතිය සතු පළමු පන්තියේ බිම්සවිය හිමිකම් ඔප්පු, ගැනුම්කරුවන්ට වැඩි ආරක්ෂාවක් සහ විශ්වාසයක් ලබා දෙයි. පර්චසයක් රුපියල් මිලියන 1.2 සිට ආරම්භ වන මිල ගණන් යටතේ, ඉහළ වර්ධන හැකියාවක් සහිත ප්‍රදේශයක වටිනා ඉඩමක් ලබා ගැනීමට මෙය දුර්ලභ අවස්ථාවකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth හි සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “Legado කියන්නේ, තවත් එක ඉඩම් ගනුදෙනුවක් පමණක් නොව, එය  ආර්ථිකමය වටිනාකමක් ඇති දිගුකාලීන වත්කමක් බව පිළිබිඹු කරන තවත් ව්‍යාපෘතියක්. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ හෝමාගම වේගයෙන් සංවර්ධනය වන මේ අවස්ථාවේ, අනාගතයට උරුමයක් ඉතිරි කරමින් තිරසාර වර්ධනයක් ලබා දෙන ස්ථානයක ආයෝජනය කිරීමට අපගේ ගනුදෙනුකරුවන්ට මෙම ව්‍යාපෘතිය අවස්ථාව ලබා දෙනවා.”

විශාල නාගරික සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධනය සහ වැඩිවන ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් හෝමාගම ප්‍රදේශයේ දේපළ වටිනාකම සහ ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. Legado මෙම වර්ධන වේගය උපයෝගී කරගනිමින්, සීමිත ඉඩම් ප්‍රමාණයක් හරහා විශේෂත්වය සහ ආයෝජන හැකියාව අතර සමබරතාවයක් ලබා දෙයි.

දැනට site visits සඳහා අවස්ථාව විවෘත කර ඇති අතර, ලබාගත හැක්කේ සීමිත ඉඩම් කොටස් සංඛ්‍යාවක් පමණි.