𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට 50,000 කට අධික පිරිසක් එක්වෙයි

LANKAQR පද්ධතියට හඳුන්වා දුන් පළමු ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරමින් මේ වනවිට 50,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් එම ඩිජිටල් ගෙවීම් විසඳුමේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විදින බව බැංකුව නිවේදනය කර ඇත.

ක්‍රෙඩිට් කාඞ්පත්, ඩෙබිට් කාඞ්පත් සහ පෙරගෙවුම් කාඞ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට ඉතාමත් පහසු මෙන්ම කරදරයකින් තොර ගෙවීමේ විකල්පයක් ලෙසින් ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම නිර්මාණය කර තිබේ. මෙමගින් ඔවුන්ව ඊළඟ අදියරේ ඩිජිටල් ගෙවීම් වෙත කැඳවාගෙන ගොස් තිබෙන බව බැංකුව සඳහන් කරයි. මෙම ඇප් පහසුකම හඳුන්වාදීමෙන් පසුව කාඞ්පත් හිමියන්ට තමන් කරන මිලදීගැනීම් සඳහා ඉතාමත් සරලව සහ ආරක්ෂාකාරීව වෙළෙන්ඳාගේ QR කේතය ස්කෑන් කිරීම මගින් ජංගම දුරකතනය ඔස්සේ ගෙවීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම ඇප් පහසුකමේ වැඩිදියුණු කිරීම් ගණනාවක්ම මේ වනවිටත් සිදුකර ඇත.

මෙම වැඩිදියුණු කිරීම් අතරට ගනුදෙනුකරුවා සහ වෙළෙන්ඳා යන දෙපාර්ශවයටම ඇතුළුවීම සඳහා අන්තර්ජාල ගෙවීම් යෙදුම පහසු ප‍්‍රවේශයන් හඳුන්වාදීම, බැංකුවේ ගනුදෙනුකරුවන්ට බැංකුවේ ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් මගින් ක්ෂණිකව බිල්පත් ගෙවීමේ අවස්ථාව දෙන ‘In-App Bill Payments’ පහසුකම හඳුන්වාදීම, ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් කලට වේලාවට ගෙවීමට අවශ්‍ය පහසුකම් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලට මුදල් ගෙවීමට අවශ්‍ය පහසුකම් හඳුන්වාදීම ඇතුළත් වේ.

ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම්, ස්ථාවර දුරකතන, උපයෝගිතා, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ) මෙන්ම ගාස්තු අයකරණ රූපවාහිනී බිල්පත් වැනි අංශ හයක බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ.

භාවිතා කරන්නාට තිබෙන පහසුව සහ ආරක්ෂාව නිසා මෙම ඇප් පහසුකම් ගනුදෙනුකරුවන් අතර වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙන බව බැංකුව පවසයි. පාරිභෝගිකයාට තමන්ගේ කාඞ්පත් මෙම ඇප් පහසුකම සමග සම්බන්ධ කිරීම තුළින් පසුම්බියෙන් කාඞ්පත් එළියට ගෙන ගනුදෙනු කිරීමට අවශ්‍ය නොවන නිසා ඒවා සොරකම් කිරීම හෝ නැතිකර ගැනීමෙන් ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලැබෙන බවද බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙමගින් පරිසර හිතකාමී කඩදාසි රහිත බැංකුකරණයකට මග පෑදෙන අතර ගනුදෙනුකරුවාට ඩිජිටල් රිසිට්පත්, ඇප් ඇලර්ට් පහසුකම් මගින් තොරතුරු ලබාගැනීමට අවස්ථාව හිමිවේ. Q+ ඇප් පහසුකමට සාමාන්‍ය කාඞ් පතකට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදෙමින් සිදුකරන ගනුදෙනු වලදී පුද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) මගින් එය ස්ථීර කළ යුතුබව බැංකුව සඳහන් කරයි.

ගනුදෙනුකරුවන්ට සිය ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට ක්‍ද ComBank Visa, Mastercard සහ UnionPay කාඞ්පත් ඇතුළත් කරමින් LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සිදුකළ හැකිවේ. මේ අනුව, ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට උපරිම වශයෙන් කාඞ්පත් 05 ක් ඇතුළත් කළ හැකි අතර LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සඳහා සහාය දක්වන ලංකාවේ එකම ගෙවීමේ ඇප් සේවාව වන්නේද ComBank Q+ ඇප් සේවාවයි. එසේම, Visa සහ MasterCard ජාලයන් හරහා විදේශීය QR වෙළෙඳ ගනුදෙනු සඳහාද භාවිතා කිරීමට Q+ ඇප් පහසුකම සහතිකකරණය ලබාගෙන ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Source- Ada Derana Biz