𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

AMW Epic Tyres දිවයින පුරා ඇති බෙදා හරිමේ නියෝජිතයන් සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ වර්ධනය සහ නව්‍යකරණය සඳහා AMW EPIC ටයර් හි කැපවීම විදහා දක්වන ලදී.  ඩුබායි හි පිහිටි  Al Futtaim සමූහ ව්‍යාපාරයේ කොටසක් වන AMW Epic ටයර්ස් ගුණාත්මක බව, කල්පැවැත්ම සහ විශ්වසනීයත්වය යන සියලු ගුණාංගයන්ගේ සම්මිශ්‍රණයෙන් සමන්විත වේ.

AMW Epic ටයර්ස්, එහි විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් කළ අඛණ්ඩ කැප කිරීම් සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, ත්‍රිරෝද රථ, ස්කූටර් සහ යතුරුපැදි ටයර් සඳහා විශේෂීකරණය වූ ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වේ. වෙළඳපොලේ කැපී පෙනෙන සන්නාමයක් වන AMW Epic ටයර්ස් සන්නාමය, තරඟකාරී මිල ගණන් යටතේ, වසර තුනක වගකීමක් සමඟ, හොඳම තත්ත්වයේ ටයර් ලබා දෙයි.

AMWහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre Bonthuys මහතා මේ අවස්ථාවට සම්බන්ධ වෙමින්, “AMW හි ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය මත පදනම්ව AMW Epic ටයර්ස් හි අපගේ උරුමය ගොඩ නැගී තිබෙනවා.  එමෙන්ම 75 වසරක ඉතිහාසයක් සමඟින් අපගේ බෙදා හරින්නන්ගේ ජාලය සමඟ නව  පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාව පුරා අපගේ වැඩපිළිවෙල පුළුල්ව ව්‍යාප්ත කිරීමට සහය වන මෙම උපාය මාර්ගික පියවර, පාරිභෝගිකයා වෙත ඉහළම මට්ටමේ නිෂ්පාදන සපයා දීම සඳහා වූ අපගේ කැපවීම පිළිබිඹු කරයි.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

කලාප පදනම් කර ගනිමින් බෙදාහරින්නන් පත් කිරීම මෙම උපායමාර්ගික ප්‍රවේශයේ එක් ප්‍රධාන අංගයකි. මෙම ප්‍රවේශය AMW Epic ටයර්ස් හට පාරිභෝගිකයන් සමඟ වඩාත්  සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ සලසයි. එසේම, නිවැරදි නිෂ්පාදන නිවැරදි වෙළඳපල වෙත ළඟා වන බව ද සහතික කරමින්, දේශීය බෙදාහරින්නන් සමඟ හවුල් වී, සන්නාම‍ය පාරිභෝගිකයා කරා ප්‍රවේශ වීම සහ පාරිභෝගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම අරමුණු කරයි.

මෙම මුලපිරීම තුළ, උපාය මාර්ගික වෙනස්කම් රැසක් හඳුන්වා දෙමින් AMW Epic ටයර්ස්  සිය ව්‍යාපාරික ජාලයන්   ක්‍රමවත් කිරීම කැපී පෙනෙයි.පාරිභෝගිකයන් හට AMW Epic ටයර්ස් දැන් සියලුම ප්‍රධාන ටයර් වෙළඳසැල් හරහා පහසුවෙන් ලබා ගත හැකිය.

AMW හි නිෂ්පාදන අධ්‍යක්ෂ විරාන් ද සොයිසා මහතා, “විශ්වාසවන්ත පාරිභෝගික පදනමක්, ඉහළ ප්‍රමිති තත්වයෙන් යුත් නිෂ්පාදන අඛණ්ඩව ලබා දීම මඟින් නිර්මාණය කළ හැකියි යන්න අපගේ විශ්වාසයයි. විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම  අපගේ ගනුදෙනුකරුවන් සමඟ කල්පවත්නා සබඳතා ගොඩ නඟා ගන්නා පදනමක් වන අතර එය පාරිභෝගිකයාට ලබා දෙන හුදෙක් පොරොන්දුවක් නොවේ.” යනුවෙන් සිය අදහස් දැක්වූයේය.

අවසන් පරිශීලකයින් වෙත නිෂ්පාදන ඵලදායී ලෙස ළඟා වීම සඳහා වෙළඳ සැල් හි අලෙවි උපාය මාර්ගවල බිම් මට්ටමේ පටන්  තිබිය යුතු  ප්‍රධාන භූමිකාව සන්නාමය හඳුනාගෙන තිබේ. නිෂ්පාදන අලෙවි කිරීමේ දී නව්‍ය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීමට AMW Epic ටයර්ස් සෑම විටම කැප වී සිටී.

AMW Epic ටයර්ස් හි වර්ධනය සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම සංකේතවත් කරමින් සිදු කළ, ඉතා වැදගත් අවස්ථාවක් වූ ගිවිසුමට අත්සන් තබමින්, මෙම ගමන හා එක් වන ලෙස, AMW තම හවුල් කරුවන්ට හා බෙදා හරින්නන්ට ආරාධනා කරයි.

AMW Epic ටයර්ස් සහ එහි නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර සඳහා www.amw-tyres.com වෙත පිවිසෙන්න.