𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අද මුල් හෝරාවේ දී කොටස් වෙළෙඳපොළ රජ ගමනක

අද (10) පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ ඉතා ඉහළ සක්‍රීය සහභාගීත්වයක් නිරීක්ෂණය විය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් පෙරවරු 10.40 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 454.05ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ඒ වින විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,985.42ක් ලෙසින් වාර්තා වී තිබුණි.

එසේම S&P SL20 දර්ශකය ඒකක 174.52ක සුවිශේෂී කාර්යසාධනයක් ඒ වන විට වාර්තා කර තිබුණු අතර එහි අගය ඒකක 6,317.67ක් ලෙසින් සටහන් විය.

අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 80ක කාලපරාසය තුළ දී දෛනි පිරිවැටුම රු. බිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි

අද දෙරණ