𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද දියත් කෙරේ

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දී ඇති කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01)  ශ්‍රී ලංකා රේගුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මගින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇත.

ඒ අනුව, 2026-10-01 දින සිට සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමගම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීමත් තවදුරටත් සිදු නොවනු ඇත.

ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා දූෂණ සඳහා අවස්ථාව අවම වීමද මෙහි විශේෂත්වයකි.

අද දෙරණ