2026 වසරේ දී අද (10) දිනය වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2026 ජූලි 08 දින දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යා දත්ත නිල වශයෙන් නිකුත් කර ඇති අතර ඊට අනුව විදෙස් සංචාරකයින් 1,192,705ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව දොළොස් ලක්ෂයේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍යව තිබුණේ තවත් සංචාරකයින් 7,295 දෙනෙකුගේ පැමිණීම පමණි. වාර්තා වන අන්දමට ඊයේ (09) සහ අද (10) දෙදින තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණයත් සමගින් එම කඩඉම සම්පූර්ණ වී ඇත.
මේ අතර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය තුළ 2026 වසරේ දී ලක්ෂ 25ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඉලක්ක කරන බවයි.
“දැන් ගත්තොත් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් මේ වෙන කොට පැමිණිලා තියෙනවා 2026 වසරේ. ඒ වගේම සංචාරක ඉපැයීම් මේ වෙන කොට ඩොලර් බිලියන 1.5 ඉක්මවලා තියෙනවා. අපි වසර මුල සැලසුම් කළා, ඉතාමත් අමාරු අභියෝගාත්මක තත්ත්වයක් ආවොත් (සංචාරක පැමිණීම) මිලියන 2.5කුත්, සාමාන්‍ය තත්ත්වයේ දී මිලියන 2.7කුත් සහ හොඳ තත්ත්වයක් යටතේ මිලියන 3කුත් විදියට තමයි අපි සැලසුම් සකස් කළේ. අපි බලාපොරොත්තු වෙනවා, සාමාන්‍ය තත්ත්වය යටතේ අපේ ඉලක්කය මිලියන 2.5 වසර අවසන් වෙන කොට අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා.”
2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් පිළිබඳ සංඛ්‍යාලේඛන කිහිපයක් පහතින් දැක්වේ.



උපුටා ගැනීම : අද දෙරණ




