ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00 පමණ වන විට වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ.
එහිදී WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 80.53 ක් දක්වා 5.12%කින් ද බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 83.26ක් දක්වා 4.66%කින් ද පහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය.
මැදපෙරදිග අර්බුදය අවසන් කිරීම සඳහා ඇමරිකාව සහ ඉරාකය අතර ඇති කර ගෙන තිබෙන එකඟතාවය සාධනීය අදියරකට මේ වන විට පැමිණීමත් සමඟම මෙලෙස ගෝලීය ඉන්ධන මිල ගණන් හි පහළ යාමක් සිදුව ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
උපුටා ගැනීම : අද දෙරණ




