𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

NDB බැංකුව සෙලාන් බැංකුවට සමුදෙයි

සෙලාන් බැංකුවේ 5 වෙනි තැනට විශාලතම කොටස් හිමියා වූ NDB බැංකුව, තමන් සතුව පැවති සෙලාන් බැංකුවේ 8.72%ක කොටස් හිමිකාරීත්වය අද (11) දිනයේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව NDB බැංකුව සතුව පැවති සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි 26,631,495ක කොටස් ප්‍රමාණයක් අද දිනයේ දී හුවමාරු වී තිබේ.

මෙහිදී එක් කොටසක් රු. 104.00 බැගින් හුවමාරු වී ඇති අතර එම ගනුදෙනුවේ මුළු වටිනාකම රු. බිලියන 2.76 කි.

ගැනුම්කාර පාර්ශවය පිළිබඳ අනාවරණයක් මේ දක්වා සිදු වී නොමැත.

2026 මාර්තු 31 දින වන විට සෙලාන් බැංකුවේ විශාලතම කොටස් හිමියන් 20 දෙනා පහත පරිදි වේ.

උපුටා ගැනීම : අද දෙරණ