𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 මුල් මාස 09 දී සංචාරකයින්ගෙන් ඩොලර් ලැබීම් 9.2%කින් පහළට

මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමඟම මෙලෙස මුල් මාස 09හි සංචාරක ඉපැයීම් මෙලෙස ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් 2025 පළමු මාස 09 හා සැසඳීමේ දී 2026 මුල් මාස 09 දී වාර්තා වන්නේ සංචාරක ඉපැයීම් හි 9.2%ක පහළ යාමකි. 2025 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ ඩොලර් මිලියන 2,472.9ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා වී තිබිණ.

සමලෝචිත කාලපරිච්ඡේදය තුළ සංචාරක පැමිණීම් 1,725,494 සිට 1,693,679ක් දක්වා 1.8%ක පහළ යාමක් වාර්තා කර තිබූ පසුබිමක සංචාරක ඉපැයීම් ඩොලර් පදනමින් 9.2%ක පහළ යාමක් වාර්තා කර තිබීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි. කෙසේ නමුත් රුපියල් පදනම මත මෙම පහළ යාම රු. බිලියන 738.4 සිට රු. බිලියන 720.2ක් දක්වා 2.5%ක පහළ යාමක් බව මහ බැංකු දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.