𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොළඹ උද්ධමනය තවදුරටත් 8% මට්ටමේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේ දීද 2026 අගෝස්තු මාසයේ දී පැවති 8% මට්ටමේම තවදුරටත් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 8.5% සිට 8.7%ක් දක්වා 2026 සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පෙර මාසයේ පැවති 7.7% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව 2026 සැප්තැම්බර් මාසයේ දී පවතිනු ඇත.

අද දෙරණ