𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සාප්පු සවාරියට වැඩි අවස්ථා සලසමින් පෝට් සිටි downtown duty-free නීති වෙනස්වෙයි

කොළඹ වරාය නගරයේ (Port City) පිහිටි downtown duty-free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා මෙතෙක් තිබූ නියාමනයන් හි වෙනසක් සිදුකරමින් නව නියාමන වෙනස්කම් හඳුන්වා දී ඇත.

නව නියාමන සංශෝධනයන් යටතේ ශ්‍රී ලංකාවේ “downtown duty-free” ආකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇති අතර ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයින් හට භාණ්ඩ මිල දී ගැනීම සඳහා වැඩි අවස්ථාවන් හිමි වනු ඇත.

මෙම යෝජිත නියාමනයන් හි ප්‍රධාන අංග පහත පරිදි වේ.

  • සෑම විදේශ සංචාරයකින් පසුවම ශ්‍රී ලංකා පුරවැසියන්ට සහ නේවාසිකයින් හට duty-free මිල දී ගැනීම සඳහා සුදුසුකම් ලබාදීම.
  • ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු, දින 4ක කාලසීමාවක් තුළ වාර 2ක් සාප්පු සංකීර්ණය වෙත පැමිණීමට අවසර ලබා දීම.
  • රේගු පද්ධති සමඟ ඩිජිටල් නියාමන අනුකූලතාව සහ විනිවිදභාවය සහතික කරමින් පවත්වාගෙන යාම.

මෙම නියාමන සංශෝධන, සංචාරකයින් හට duty-free වාසි වඩාත් පහසුවෙන් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාව නවීන වෙළෙඳ හා සංචාරක ගමනාන්තයක් ලෙස ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බව මෙම සාප්පු සංකීර්ණයේ ප්‍රධානතම තීරුබදු රහිත සාප්පු සේවා සංකීර්ණය වන Chinese Duty-Free සඳහන් කර සිටී.

උපුටා ගැනීම : අද දෙරණ